(බන්දුල ඉලේපෙරුම)
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අන්තර්ජාලය ඔස්සේ අද(26) සිට පැවැත්වීමට නියමිත බව කෝප් කමිටු සභාපති ආචාර්ය චරිත හේරත් මහතා පවසයි.
ඒ අනුව පළමු වරට සූම් තාක්ෂණය ඔස්සේ අද කෝප් කමිටුව රැස්වන අතර පසුගිය දිනවල සීමිත සාමාජික සංඛ්‍යාවක් පමණක් කෝප් කමිටු රැස්වීම් සඳහා සහභාගී වූහ. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කෝප් කමිටුවට සහභාගීවන පිරිස සීමා කර ඇති අතර ඉතිරි පිරිසට මේ අනුව සූම් ඇප් එක භාවිතයෙන් සහභාගීවීමේ අවස්ථාව සලසා ඇත.
මේ අනුව අද දිනයේදී කැලණි ගඟේ ජල දූෂණය සම්බන්ධයෙන් කෝප් කමිටුවේදී සාකච්ඡා කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තර්ජාලයෙන් එය ප්‍රසිද්ධ කරන්න.
ඉතාමත්ම හොඳ තීරණයක්.. අහිංසක මිනිසුන්ගේ මහජන මුදල් හොරා කාපු, මහජන මුදලින් සුර සැප විඳපු ඒ "ටයි කෝට්" ඇඳගෙන හතරට ගැනගන්න බැරිව "විරේක අමාරුව සෑදී තටම තටම ඇඹරි ඇඹරි බොරු කප්පරක් කියමින් ඉන්න කාලකන්නින්ගේ රූපකාය මහජනතාවට දැකබලා ගැනීමට කදිම අවස්ථාවක්.. අප අදාළ කැමරා ශිල්පීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ කමිටුවට එන සෑම කෙනෙකුගේම පැහැදිලි රූපයන් ලබාගනිමින් අහිංසක මහජනතාවට තමන්ගේ බදුමුදල් හොරා කාපු කාලකන්නින්ව දැකබලා ගැනුමට අවස්ථාව සලසා දෙන ලෙසය්.. එය ඔබලා මෙලොවදීම රැස්කර ගන්න පිං බව සඳහන් කරන්නෙමු.