(ඉන්දිකා රාමනායක සහ අමදෝරු අමරජීව)

කින්නියා කුරිඤ්ඤකේනි කලපුවේ පාලම් පාරුව පෙරළීමෙන්  බරපතළ තත්ත්වයෙන් සිටි 07 හැවිරිදි දැරියක් අද (28) අලුයම මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි .

මෙම දැරිය ත්‍රිකුණාමලය රෝහලේ දැඩි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතරයේ මෙලෙස මිය ගොස් ඇතැයි පොලිසිය කියයි

පාලම් පාරුව පෙරලීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය පිරිස 7 දක්වා ඉහළ ගොස් ඇතැයි ද පොලීසිය සඳහන් කරයි