(යොහාන් භාසුර)
බස් රථවල ආදායම අඩුවීම සහ සේවකයන් නොමැතිවීම පිළිබඳව අවදානය යොමු කර කොන්දොස්තරවරයා නොමැතිව බස් රථ ධාවනය කිරීමට අවසර දෙන ලෙස සහ ඒ සඳහා මෝටර් රථ ආඥාා පනත සංශෝධනය කරන ලෙසත් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයාට යෝජනා ඉදිරිපත් කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
කොන්දොස්තර මහත්වරු නොමැති වීම නිසා දැනටමත් බස් රැසක් කොන්දොස්තර නොමැතිව ධාවනය කරන බව කී විජේරත්න මහතා මෝටර් රථ ආඥාා පනතේ කොන්දොස්තර මහතා හෝ සහයකයෙක් සහිත කියන වගන්තිය සහිත හෝ රහිතව ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා සිටි බව ද සඳහන් කළේය.
එසේ වුවහොත් රියදුරු මහතා අසළ මුදල් ලබාගැනීමට පෙට්ටියක් සකස් කරන බවත් ජනතාව අවංකව කටයුතු කරනු ඇති බවට විශ්වාස කරන බවත් ගැමුණු විජේරත්න මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ඩුබායි සෞදි වගේ රටවල බස් වල කොන්දොස්තරලා නැහැ. හේතුව බස් එකට කොහෙන් ගොඩවුනත් ගමනාන්තය එකයි.
හොඳ ප්‍රවේශයක්
අන්න හරි. දියුණු රටවල් එහෙම තමා. ඩ්‍රයිවර් හරි කාරුණිකයි. එහෙමම වෙත්වා .
මෙය එක්තරා ආකාරයකින් හොඳයි, පසුපස දොර ස්ථිරවම වසා තිබිය යුතු අතර ඉදිරිපස දෙපැත්තෙන්ම ඉහළ පහළ යන විට රියදුරුට පැහැදිලිව පෙනෙන පරිදි මගීන් වඩාත් ආරක්‍ෂිත වනු ඇත.
ගැමුණු මහතාණනි, පළමු වතාවට ඔබට ගෞරවයෙන් ස්තුති කරන්න හිතුනා. මේ වගේ ප්‍රගතිශීලී දේවල් යෝජනා කරන්න. දියුණු රටවල උසස් ක්‍රමවේද පිළිපදින්න. ඔබේ බස් සේවාව උසස් තත්ත්වයකට ගෙන එන්න මුලින්ම කටයුතු කළයුත්තේ ඔබයි. එවිට ජනතාව හූරා කන ප්‍රයිවෙට් බස් කියන මතය මිනිසුන්ගෙන් ඈත්ව යනු ඇත. මිනිස්සු අවංකවම ඔබේ දියුණුවට උදව් කරනු ඇත. රටේ දියුණුවත් වේගවත් වනු ඇත. මිනිසුන්ගේ මානසික මට්ටම යහපත් වනු ඇත. උදේ පාන්දර පීඩනයකින් වැඩට යනවා වෙනුවට මිනිසුන් සතුටින් වැඩට යවන්න ඔබට පුලුවන්. ලංකාව වෙනස් කරන්න දේශපාලනට බාර දෙනවා වෙනුවට සිවිල් සංවිධාන ව්‍යාපාර සහ ජනතා එකමුතුවෙන් ලොකු දෙයක් කරන්න පුලුවන්. දැන් ඒකට කාලෙ හරි.
අනිවාර්යයෙන් මේක කරන්න පුලුවන්.
මේක ලංකාවේ නම් ප්‍රායෝගිකව අමාරුයි. නමුත් වෙන රටවල්වල රියදුරා පමණයි සිටින්නේ... කරනවා නම් හොඳ වැඩක්...
ඩ්‍රයිවර් නැතුව කොන්දොස්තරලත් බස් එලවපු එකේ කොන්දොස්තර නැතුව ඩ්‍රයිවර් එලවපුවහම මොකද වෙන්නේ?
ගොඩක් රටවල මේ ක්‍රමය තියෙනවා. ඒකේදී බසයට නගින්නේ ඉස්සරහ දොරෙන්. ඒ වගේම ඉලෙක්ට්‍රොනික ක්‍රමයට සල්ලි ගෙවන්න තියෙන්නේ. එහෙම නැත්තන් පෙට්ටියකට සල්ලි දාන්න තියෙනවා, ඒත් ඉතුරු ගන්න බෑ..
යුරොපයෙ රටවල කොන්දොස්තර කියලා තනතුරු නැත. ජනතාව අවංක වියයුතුයි. නිතරම ටිකට් පරික්ෂණයෙන් යොමු කල යුතුයි. හොඳ යෝජනාවක්
ළමයො ඔය රාජකාරියට සුදුසු අය ඕන තරම් දියවන්නාවෙ හොර ගුහාවෙ ඉන්නවා,
වෙන රටවල කොන්දොස්තර කියල කෙනෙක් බස් වල නැහැ, කුවේට් වගේ රටවල සල්ලෝ ගන්නේ රියදුරුම තමයි. ඩුබායි වලනම් කාඩ් එක බස් රථයේ තියෙන මැෂින් එකට පන්ච් කරන්න තියෙන්නේ. ඉතා හොඳ ක්‍රමයක්
බස් ගැමුණු ඉල්ලන් කෑවා ආණ්ඩුවක් ගෙනත්.
ඕක රියදුරු නැතිව කරන විදිහකුත් දාන්න බලන්න...!
අපිට 50% බස්ගාස්තු වැඩිවීමක් ඕනේ.. කොන්දොස්තර නැතිව බස් දුවන්න බෑ..
මේ මනුස්සයා කියන දේවල් වලින් කරන්නේ ගාස්තු වැඩි කිරීම පමණයි. මේකත් ඒවැනි උප්පරවැට්ටියකට පාර කපාගැනීමක් සඳහා බවයි පේන්නෙ.
යුරෝපා රටවල කොන්දොස්තර කෙනෙක් නැහැ..
ගැමුණු, අපි නම් දන්නේ නැහැ... කිය කියා ඉන්නේ නැතිව ලෝකයේ මොනවද වෙන්නේ කියලා ඉගෙන ගන්න.
වෙන රටවල බස් දුවන්නේ කොන්දොස්තර නැතුව තමයි...