IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කාන්තාවන්ට ගුටි බැට දෙන පිරිමි කරන වැඩක් හරිනි කියයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

විපක්ෂනායකවරයාගේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය ඉලක්ක කර කළ  අපහාසාත්මක  ප්‍රකාශය  තර්ජනයක් වගේම  කාන්තා හිංසනයක් බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  පාර්ලිමේන්තුවේදී අද (11)  පැවසුවාය .

මේ රටේ  කාන්තාවන්ට ගුටි බැට දෙන පිරිමි කරන්න පුළුවන් ඔක්කොම කරලා අන්තිමේදී කාන්තාවන්ටම වරද පටවන බවද  ඇය කීවාය.

අගමැතිවරිය මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ජාතික ජන බලවේගයේ ලක්මාලි හේමචන්ද්‍ර  මන්ත්‍රීවරිය අමතා කළේ යැයි  කියන අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය මෙසේද පැවසුවාය.

විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ප්‍රකාශක  ප්‍රසාද් සිරිවර්ධන මන්ත්‍රීවරයා ලක්මාලි හේමචන්ද්‍ර  මන්ත්‍රීතුමියට ඊයේ අපහාසාත්මකව කතා කළා.  මම ඒක දකින්නේ ප්‍රචණ්ඩත්වයක් විදියටයි. තර්ජනයක් විදියටයි. ඒවගේම හිරිහැරයක් විදියටයි. අද උදෙත් මෙයාලා හැසිරුණේත්   ඒ අන්දමටමයි. මේ සංස්කෘතිය වෙනස් කරන්න තමයි ජනතාව ඉල්ලා සිටින්නේ.

අපි මහන්සි වෙලා මේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියන්  විසිදෙනෙකු  පත් කරගත්තා. මේ අය නියෝජනය කරන්නේ මේ රටේ කාන්තාවන්. ඔබතුමා වෛද්‍යවරයෙකු විදියට දන්නවා මේ රටේ කාන්තාවන්ට සිදුවන ප්‍රචණ්ඩත්වය. කාන්තාවන්ට හිංසනය  මුලින්ම පටන් ගන්නේ වාචික  ප්‍රචණ්ඩත්වයෙන්. වචනවලින් කාන්තාවන් යට කරන්න හදන්නේ. මේක තමයි පීතෘමූලික සමාජයේ කැතම එක. මෙතන  ඉන්න මන්ත්‍රීවරුන් මේ විදිහට හැසිරීම බොහොම කැතයි.  ඔබතුමා එයාලට  අවවාද කරන්න.

අපිට අපේ බස්නාහිර පළාතේ ඉන්න මන්ත්‍රීවරු ටික ගෙනල්ලම මෙයාලගේ යෝජනා පරාද කරන්න පුළුවන්. මොන විශ්වාසභංගද. මේ රටේ ජනතාව අපිව පත්කළේ   රට සංස්කෘතික වෙනසක්  ඉල්ලපු නිසයි .පාර්ලිමේන්තුව තුළ ඒ වෙනස ඉල්ලපු නිසා.  අපිට අභියෝග කරන්න පුළුවන්. නමුත්   සදාචාරයක් තියෙන්න ඕන.

මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා:

අගමැතිතුමිය මගේ නම සඳහන් කළා. මම මන්ත්‍රීවරියකට තර්ජනය කළා කියන අදහසකින් ප්‍රකාශයක් කළා කිව්වා. නිත්‍යානුකූල නොවන ආකාරයට මයික් එක ලබා ගැනීම  සම්බන්ධයෙන් තමයි එතන ප්‍රශ්නය ඇතිවුණේ. මම අපහාසයක්  කළේ නැහැ . සංසන්දනාත්මක කතාවක් කිව්වේ. මම මන්ත්‍රීවරියක  අපහාසයට පත් කිරීමේ අරමුණින් කරපු දෙයක් නොවෙයි. දේශපාලනයට එන්න ඉන්න කාන්තාවන් අධෛර්යය කිරීමේ අරමුණින් කරපු ප්‍රකාශයකුත් නෙවෙයි. මගේ කතාවට බාධා කිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් ලෙස තමයි ඒ කතාව කියවුණේ.ක්‍රියාව නොකර හිටියා නම් එවැනි ප්‍රතික්‍රියාවක් ඇතිවන්නේ නැහැ.

අගමැතිනිය;

මෙතන කතාව තියෙන්නේ දේශපාලන වාසියක් අවාසියක් ගැන නොවේ. ඔබ කියපු එක නැවත හොඳින් බලන්න. කොච්චර තර්ජනාත්මකද කියලා. ඒක කැතයි. මුලින්ම ඒක පිළිගන්න ඕන. ඒ තර්ජනය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අර්ථයක් තියෙනවා. මන්ත්‍රීවරියකට තමයි එහෙම කතා කළේ.

ගුටි බැටදී හිරිහැර කරන  ගෑණුන්ට  පිරිමි කියන්නේත්  ඕකම තමා. හොඳට හැසිරුණානම් තේ කෝප්පය ළඟට ගෙනත් දුන්නා නම් කියපු විදියට හිටියනම් ගුටි කන්න වෙන්නෙ නෑ කියලා . තර්ජනය කරලා ඉවර වෙලා අර මන්ත්‍රීතුමියටම ආපහු අපහාස කරනවා. හරිම කැතයි.



අදහස් (3)

කාන්තාවන්ට ගුටි බැට දෙන පිරිමි කරන වැඩක් හරිනි කියයි

අරවින්ද මොණරවිල Thursday, 11 September 2025 12:53 PM

සමගි බලවේගයේ වැඩි හරියක් ඉන්නේ කකුල් දෙකේ තිරිසන්නු, අර එකෙක් රූපවාහිනී සංවාදයකට ඇවිල්ලා කියනවා. මදුෂ්ව මැරුව එක ගැන එයා සන්තෝෂ වෙනවාලු. මෙයා මෙහෙ කාන්තාවන්ට අපහාස කරනවා. මොවුන්ට බාර දුන්නා නම් රටට අබ සරණයි !

:       7       6

අමසුරී මෙනවිය Thursday, 11 September 2025 02:56 PM

මම මේ අත්දැකිමෙන්මයි කියන්නේ ! හසානාට මම බැට දෙද්දීත් , එයා මම කියන විදිහට ඉන්නවා ! තේ කෝප්පේ ළඟටම ගෙනත් දෙනවා

:       1       6

Samanthaa Thursday, 11 September 2025 06:01 PM

මම දිනපතා උදෑසන පාසල් යන දරුවා ස්කූල් බසයට නැංවීමට දරුවා සමග පාගමනින් බස් නැවතුමට යනවා... යනවිටත්, එනවටත් කෝටුවක් අරගෙනම යනවා. එහෙම නැත්නම් මග දෙපස නිවෙස්වල ඇති කරන සුනඛයෝ සුනඛියෝ බුරාගෙන කන්න පනිනවා බේරෙන්නම බැරිවුණාම පහර දෙන්නත් වෙනවා නොදන්නාකමට ඇහුවේ මම එහෙම පහරදී බේරිලා යාම වැරැදිද?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1923 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site