
(යොහාන් භාසුර)
සිම්බාබ්වේහිදී පැවැත්වෙමින් තිබියදී ඊයේ (27) අත්හිටුවූ කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබී ක්‍රිකට් තරගාවලියට සහභාගි සිටි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවන් හත් දෙනෙක් ‘කොවිඩ්’ ආසාදිතයන් වීම නිසා ගුවන් යානයට ප්‍රවේශකරගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහි සිරවී සිටියි.
එම තරගාවලියට සහභාගී වී සිටි සෙසු විදේශ කණ්ඩායම් අට ඊයේ (27) එකම ගුවන් යානයෙන් ඩුබායි බලා පැමිණි අතර එම ගුවන් යානයට ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රවේශකරගැනීමට සෙසු කණ්ඩායම් අකමැති වීම නිසා ශ්‍රී ලංකා පිලට තව දුරටත් සිම්බාබ්වේහි රැදී සිටීමට සිදුව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට පමණක් තනි ගුවන් යානයක් වෙන්කරවා ගැනීමට මේ වන විට ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඒ සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව ද සහයෝගය දක්වන බවයි.
කොවිඩ් ආසාදිත කාන්තා නිලධාරිනිය සහ ක්‍රීඩිකාවන් හට දෙනා තව දුරටත් සිම්බාබ්වේහි තවතා තැබීමට සිදුවන බවත් ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර්, වූහාන්වල හිරවුණු ළමයි ටිකව වීරයා වගේ ගෙනාවා නම් මේ අයවත් අනිවාර්යයෙන් ගෙන්නනවා ශුවර්...
පිටරටවල ඉගෙන ගන්න දේශපාලුවන්ගේ ළමයිනුත් ගෙන්වා ගත්තු එකේ, මේ අයවත් ගෙන්වා ගනී...
අනික් රටවල්වල අයට කොවිඩ් නැතිවෙන්නත අපේ අයට හැදෙන්නත් හේතුව. ඒ අයගේ පරිස්සම තමා.
ඇයි මුන්ට විතරක් ඒ ප්ලේන් එකෙ එන්න බැරි? ඔවුන් එහෙම්මම අකුලෝලා තොලොන්චි වෙලා පල