(සුජිත් හේවාජුලිගේ)
බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (22) රැස්වූ අවස්ථාවේදී ඇතිවූ විවිධ වාද විවාද හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ඇතිවිය.
ශ්‍රී ලංකා රේගුව අයත් වන මුදල් අමාත්‍යාංශය බාර අමාත්‍ය ධුරය දරන ජනාධිපතිවරයාද සිද්ධිය වන අවස්ථාවේදී වරාය අමාත්‍යවරයා ලෙස කටයුතු කටයුතු කළ බිමල් රත්නායක මහතාද වරාය නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සහ වරාය අමාත්‍යාංශයේ ලේකම්වරයාද කාරක සභාව හමුවට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් කරැණු විමසිය යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු මෙහිදී දිගින් දිගටම ඉල්ලීම් කළහ
කන්ටේනර් පිට කිරීමට අදාල සිද්ධියේදී ඉහත පිරිසටද යම් වගකීමක් පැවරෙන හෙයින් ඔවුන්ගෙන් ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම ප්‍රශ්න කළ යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් එම පිරිස කැඳවීම සම්බන්ධයෙන් අාණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරැ විරෝධය පළ කළහ. මෙලෙස බෙදීමක් හට ගැනීම හේතුවෙන් විපක්ෂයේ ඒ යෝජනාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට කමිටු සභාපතිවරයා අනතුරැව තීරණය කළේය.
ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඉහත පිරිස කැඳවීමට විරුද්ධව වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබිණ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු කීවේ කමිටුව මේ ආකාරයට කටයුතු කිරීමෙන් පරීක්ෂණවලට බාධා වන බවයි.
බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව කොළඹ වරායෙන් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉකුත්දා පත් කෙරුණේ විපක්ෂයේ ඉල්ලීමකට අනුවය.
සිද්ධිය සම්බන්ධයෙන් කාරක සභාව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඇතුළු ප්‍රධානීන් ඇතුළු පිරිසකගෙන්ද පසුගියදා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනිණ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd