බිමල් ෂ්‍යාමන් ජයසිංහ
රුපියල් ලක්ෂ 15 කට අධික වටිනා හොරෙයින් මත්කුඩු සමග 23 හැවිරිදි පුද්ගලයකු බොරැල්ල වනාතමුල්ල කාදර් නානා වත්තේ දෙමහල් නිවසක දී අද (22) අත්අඩංගුවට ගත් බව කොළඹ දිසා දූෂණ මර්ධන අංශය කියයි .
සැකකරු සතුව තිබූ මත්කුඩු ග්‍රෑම් 121 මිලිග්‍රෑම් 200 පොලිසිය බාරයට ගෙන ඇත .
ඩුබායි රටට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කලු සාගර නැමැත්තාගේ හොරෙයින් මත්කුඩු තොග වශයෙන් මිලදී ගෙන සිල්ලරට අලෙවි කිරීමේ ජාවාරමක මෙම පුද්ගලයා නිරත වන බවට කොළඹ දිසා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැලුම් සෝමරත්න මහතාට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත .
අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගෙන් සිදු කරන ලද ප්‍රශ්න කිරීමේ දී කලු සාගර නැමැත්තාගේ ප්‍රධාන ගෝලයා වන වනාතමුල්ල පදිංචි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන තාරක නැමැත්තා මාර්ගයෙන් මත්කුඩු මිලදී ගත් බවට වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිස් නිලධාරීයෙකු කීය .
සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මත්කුඩු පැකට් කිරීම සදහා සූදානම් වෙමින් සිටි බව පොලිසිය සදහන් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු ලෙඩ වලට නානලා කොහොමත් සම්බන්ධයි...
ඩුබායි රටේ හැංගිලා ඉඳන් මහා පරිමාණයෙන් කුඩු බෙදාහරින කළු සාගරව ජ්‍යාතන්තර පොලීසියේ සහාය ගෙන අල්ලන්නේ නැත්තේ ඇයි? එසේ කිරීමට කාගේ හෝ බාධා කිරීමක් නැහැ නේද?