
(ඩයනා උදයංගනී)
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් අතර හමුවක් වතිකානයේ ශුද්ධ වූ ශාන්ත පේදුරු බැසිලිකාවේදී එරට වේලාවෙන් අද පෙරවරු 10.30 ට (ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00ට පමණ) පැවැත්විණි.
පාස්කු ඉරුදින ප්‍රහාරයේ එල්ල වී වසර තුනකට ආසන්න කාලයක් ගතවී ඇතත් එහි වින්දිතයන්ට ශ්‍රී ලංකාව තුළදී සාධාරණය ඉටුකරගැනීමට හැකිවේද යන්න පිළිබඳව සැක සංකා මතුව ඇති බැවින් ඒ සඳහා ජාත්‍යන්තරයේ සහය පැතීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන් මෙහිදී කාදිනල්තුමන් පාප් වහන්සේ වෙත කරුණු සැලකිරීමට නියමිතව තිබූ බව ජේ.ඩී ඇන්තනී කොළඹ සහායක රදගුරුතුමෝ පැවසූහ.
වසර තුනකට ආසන්න කාලයක් ගතවීත් පාස්කු ඉරුදින ප්‍රහාරයේ සත්‍යය හෙළිදරව් කරගැනීමට නොහැකිවීම, සාධාරණය ඉටුකරගැනීම සඳහා ශ්‍රී ලාංකික කතෝලික ජනතාව ගෙනයන අරගලය, ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා කතෝලික සභාව මේ දක්වා ගෙන ඇති පියවරයන් ආදිය සම්බන්ධයෙන් මෙන්ම පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් හඳුනාගෙන ඔවුන් නීතිය හමුවට ගෙනඒමට අදාළ පාර්ශව දක්වන උදාසීනත්වය පිළිබඳව ද කාදිනල්තුමන් පාප්වහන්සේ දැනුවත් කිරීමට නියමිතව සිටි බව ජේ.ඩී ඇන්තනී සහායක රදගුරුතුමෝ කීහ.
සහායක රදගුරුතුමන් මේ බව පැවසුවේ, කොළඹ අගරදගුරු මැදුරේදී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාදිනල්තුමෝ මේ රටේ පවතින්නේ බයිබල් නීතිය නොවෙයි, රෝම, ලන්දේසි නීතිය. රජය පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටයුතු කිරීම පොලිස් හා නීතිපති දෙපාර්තමේන්තුවලට පවරලා තිබෙනවා. ඒ අනුව ඔවුන් ක්‍රියා කරනවා. ඒවා ඔබට ඕනෑ ආකාරයට වෙනස් කරන්න බැහැ. කළොත් රජය පොලිස් හා නීතිපති දෙපාර්තමේන්තුවල ඇඟිලි ගැසුවා වෙනවා. අවුරුදු දහස් ගණනක් පැරණි ඔබලාගේ පාරම්පරික ආගමික අරගල අපිට විසඳන්න පුළුවන් කමක් නැතිබව තේරුම් ගන්න. ඒ සඳහා බෞද්ධයින් බිලිදීමට අපිට පුළුවන් කමක් නැත. ඔබ ටාගට් කරන්නේ මෛත්‍රීපාලව නම් ඔබලාගේ අරගල නොනැවැත්තුවා කියලා ඔහුව බිලිදීමට අපි සුදානම් නැත. ඔබ හදන්නේ ප්‍රහාරය කරපු හම්බයින් බේරාගෙන බෞද්ධයින් බිලි දෙන්නයි...
බොරු කේලම් කියලා රට පාවලා දීලා සල්ලි කුට්ටියක් අරන් යයි. එයාලගේ කට්ටියට බෙදන්න.
මම බෞද්ධයෙකු වුවත් ඔබ වහන්සේ මේ ගෙන යන අරගලයට සහාය පළකරමි. බෞද්ධයන් වන අප කිසිවෙකුට හෝ හිංසා පීඩා කිරීම අනුමත නොකරමු. පවතින නීතිය තුලින් සාධාරණයක් ඉටු නොවුණත් සොබාදම් නීතියෙන් මීට වගකිව යුත්තන්ට ගැලවීමක් නොලැබෙනු ඇත.
කාදිනල්තුමා තම ස්වාමින් වහන්සේ ප්‍රතික්ෂේප කළාද?