(ඩයනා උදයංගනී)
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමේ කොමිෂන් සභාව විසින් නම් කර ඇති අය එම ප්‍රහාරයට දෙවරසක් සම්පූර්ණ වන ලබන මස 21 වැනිදාට පෙර අධිකරණය හමුවට ඉදිරිපත් නොවුවහොත් රට පුරා දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
මෙම ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට යුක්තිය ඉටුවන බව දකින්නට නොලැබුණහොත් 21 වැනිදා පවත්වන විරෝධය ඉතා ශක්තිමත්ව ලංකාව පුරා දියත් කරන බව ද කාදිනල්තුමෝ කීහ.
කොමිෂන් සභාව දී ඇති නියෝග අනුව අඩු වශයෙන් එහි නම් කර ඇති පුද්ගලයින් විනිවිදභාවයෙන් යුත් ක්‍රියාදාමයක් තුළ කිසිකෙනෙකුට විශේෂ සැලකිල්ලක් නොදක්වා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ සඳහන් කළහ.
එම කටයුතු ලබන 21 වැනිදාට පෙර නොකළොත් තම විරෝධතාවය දිගටම පවත්වාගෙන යන්න සිදුවන බවත් යුත්කිය ඉටුවන තුරු එය අත් නොහරින බවත් කාදිනල්තුමෝ කියා සිටියහ.
කොළඹ අගරදගුරුතුමෝ මේ බව පැවසුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පීඩාවට පත්වූවන්ට යුක්තිය ප්‍රාර්ථනා කරමින් රාගම, තේවත්ත බැසිලිකා දේවස්ථානයේදී පැවති විශේෂ දේව මෙහෙයට එක්වෙමිනි.
කුමන බලවේග, අභියෝග ක්‍රියාත්මක වුවත් යුක්තිය ඉටුවන තුරු ජනතාව සමඟ පෙරමුණේ ගමන් කරන බව ද කාදිනල්තුමෝ කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ගරු කාදිනල්තුමනි, ඔබතුමා කරගෙන යන වැඩ පිළිවෙළ බොහෝම හොඳයි. නමුත් අපේ සර්ට මේ දවස්වල ටිකක් තරහා යනවා. පොඩ්ඩක් ඉවසලා හිටියා නම් හොඳයිනේ වැඩ සිද්ද වෙනකම්..
ඔබවහන්සේ අපේ මහානායක හාමුදුරුවන්ට ආදර්ශයක් වේවා
කාදිනල් තුමාණන්ගේ එඩිතර තීරණය ගැන සතුටු වෙමි. එය දේශපාලන ප්‍රශ්නයක් නොවන නිසා බොහෝදෙනාගේ සහයෝගය ලැබෙන බව ස්ථිරයි.ජය පතමි!!!