
(යොහාන් භාසුර)
රටේ තුන්වැනි පුරවැසියා වගේම පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කතානායකතුමා පාර්ලිමේන්තුවට බොරු කියා නොමග යවලා ඇති බවත් පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න ඉන්න පුද්ගලයාම පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළසීම බරපතල සිදුවීමක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍යවරයෙක් වන නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (13) පැවසීය.
කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ අද (13) පැවැති මාධ්‍ය හමුවේදී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය.
විපක්ෂයෙන් අරුණ ජයසේකර නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමාට එරෙහිව භාරදුන් විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ගෞරවය බරපතල කෙළසීමකට ලක්වූ බවත් නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනා පළමු වතාව මෙන්ම විශ්වාසභංග යෝජනාවක් විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කළ පළමු අවස්ථාව ලෙස එය පාර්ලිමේන්තු ඉතිහාසයට එකතු වූ බවත් ගම්මන්පිල මහතා කීය.
මෙම යෝජනාව විවාදයට ගැනීම ප්‍රතික්ෂේප කිරීම ගැන තමන්ගේ ස්ථාවරය පැහැදිලි කරමින් කතානායකතුමා ප්‍රකාශ දෙකක් කළ බවත් සැප්තැම්බර් 10 වැනිදා කළ පළමු ප්‍රකාශයෙන් නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගැන නීතියේ හෝ සම්ප්‍රදායේ නැති නිසා ප්‍රතික්ෂේප කළේ යැයි කී බවත් ඒ මහතා කීය.
සම්ප්‍රදායේ නැතිව ඒ අමිර්තලිංගම් විපක්ෂ නායකතුමාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවේ කොහොමද කියලා විපක්ෂය ප්‍රශ්න කළ අතර එහිදී වැඩේ වැරදුණේ යැයි තේරුණු කතානායකතුමා සැප්තැම්බර් 25 වැනිදා තවත් ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය ඇමතිවරුන්ට වගකීමක් පවරලා නැති නිසා විශ්වාසභංග යෝජනාවක් ඉදිපත්කළේ යැයි පැවසූ බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.
ඇමතිවරයා විදේශගත වන විට නියෝජ්‍ය ඇමතිවරුන්ට වගකීම් පවරන නිසාත් ජනාධිපතිතුමා විදෙස් ගත වන සෑම අවස්ථාවකම වැඩබලන ආරක්ෂක ඇමති ලෙස අරුණ ජයසේකර නියෝජ්‍ය ඇමතිතුමා පත්කරන නිසාත් මේ ප්‍රකාශයට පදනමක් නැතැයි විපක්ෂය තර්ක කළ බව කී ගම්මන්පිල මහතා තමන්ගේ ප්‍රකාශවලට පදනම් කරගත්තේ නීතිපති මතය සහ පාර්ලිමේන්තුවේ ලේකම් මණ්ඩලයේ මතය නිසා එසේ නම් ඒ අය දුන්නු වාර්තා සභාගත කරන්න කියලා ගයන්ත කරුණාතිලක මන්ත්‍රිතුමා දිගින් දිගටම පීඩනයක් එල්ල කළ බව ද සඳහන් කළේය.
විපක්ෂයේ පීඩනය දරා ගන්න බැරි වුණාම මේ වාර්තා සභාගත කළ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ පවතින නඩු හේතුවෙන් පාර්ලිමේන්තුවට මේ විශ්වාසභංග යෝජනාව විවාද කරන්න පුළුවන් ද ඒ වාර්තාවලින් නීතිපතිතුමාගෙන් විමසා තිබූ බවත් පවතින නඩු වලින් මේ විවාදයට කිසිම බාධාවක් නෑ යැයි නීතිපතිතුමා දැනුම් දී ඇති බවත් ඔහු කීය.
ඒ අත්තේ එල්ලෙන්න බෑ කියලා තේරුණාට පසුව කතානායකතුමා ලේකම් මණ්ඩලයේ මතය විමසලා ලේකම් මණ්ඩලය කියන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්, නියෝජ්‍ය මහ ලේකම් සහ සහකාර මහ ලේකම් ඒකාබද්ධව කටයුතු කරන එකක් බවත් ලේකම් මණ්ඩලය වාර්තා දෙකකින් බි්‍රතාන්‍ය සම්ප්‍රදාය අනුව විශ්වාසභංග යෝජනාව වෙනුවට ජැබිමරු පදඑසදබ නැතිනම් බරපතල ලෙස හෙලාදැකීමේ යෝජනාවක් ගේන්න හැකියාවක් ඇති බවත් ඒ මහතා පවැසීය.
මීට පෙර නියෝජ්‍ය ඇමතිවරයෙකුට විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් නැතත් ඔහු තනතුරු දරන්නෙකු නිසා ශ්‍රී ලංකාවේ සම්ප්‍රදාය අනුව ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ හැකි අතර එම කිසිම වාර්තාවක නියෝජ්‍ය ඇමතිවරයෙකුට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ නොහැකි බවක් ප්‍රකාශකර නොමැති බවත් කිසිවකු නොසිතුව ද අරුණ ජයසේකර ඇමතිතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාව විවාදයට ගැනීම ආණ්ඩුව ලොකු අර්බූදයකට තල්ලු වෙන දෙයක් බවත් ගම්මන්පිල මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවස ගානේ ඇවිල්ල ආණ්ඩුවේ වැරදි කියමින් උපදෙස් දෙන මේ කවුද කියල කාට හරි මතක නැත්නම් මතක් කරගන්න , මේ තමයි රටේ මිනිස්සු තෙල් නැතිව ගෑ ස් නැතිව තෙල් පෝලිම් ගෑස් පෝලිම් වල හිටපු කාලේ විදුලිය නිපදවන්න බැරිව පැය 14 කරන්ට් කපපු කාලේ රටේ හිටපු බලශක්ති ඇමති , "එතෙක් මෙතෙක් ලංකවේ හිටපු අසර්තකම ඇමති "
අර මොනවද දෙකක් උඩ තියාගන්න කොට්ටයක් හිරගෙදරදී ඉල්ලීමත් ලෝකයේ ප්‍රථම වතාවට වුන දෙයක් නේද, දෙවන පචායුධ හිටපු තුමා ?
කව්ද යකෝ මුගේ පිවිතුරු බව කෙළසුවේ?
හොර ඔප්පුවක් හදලා සුද්දෙක් ගේ වස්තුව හොරා කෑවෙත් පළමු වරට කියලා මතක නැතුව ඇති !
මේ ආණ්ඩුවේ අයට දිවේ ගෑවී නොගෑවී බොරු කියන්නත් බොරුව අතටම අසු වූ විට කිසිවක් නොදන්නා ලෙස ඉන්නත් අපූරු හැකියාවක් (ලජ්ජා නැතිකම ) තියෙනවා. කිසිම ගානක් නැතිව බොරු කියනවා. බොරුවෙන් උපත ලැබෙන කිසි දෙයකට වැඩි ආයුෂ නැහැ, මිනිස්සු මේක තේරුම් ගත් දවසට ආණ්ඩුවට ගෙදර යන්න වෙනවා.
ඔබ පාර්ලිමේන්තු සේවයේ යෙදී සිටියදී කොපමණ මුදලක් උපයා ඇත්දැයි අපට සිතාගත හැකිය, තවමත් ඔබේ පැවැත්ම සඳහා කිසිදු රැකියාවක් නොමැත.... තවමත් ඔබ අපෙන් සොරකම් කළ මුදල් භාවිතා කරමින් විනෝද වෙනවා.
වංචාව, දූශනය විනාශය, පාර්ලිමේන්තුවෙන්ම පටන් අරගෙන උපරිමයටම ගිය කාලයක්. ගම්මන්පිල ආන්ඩුවට පිලිලයක් වුනත් රටට නම් පිලිල නසන ඖශදයක් වගේ.
බොරු බේගල් ගහලා බොරු සමාජගත කරලා ,ජාති බේද,ආගම් බේද අවුස්සලා ,මිනිසුන්ගේ ඔලු ගෙඩි වලට විෂ බීජ දාලා තමුන් කෙරුවේ මුලුමහත් ජනතාවම නොමග යවපු එක.පිවිතුරු හෙළ උරුමයේ නායකයා කියන නමටත් ලැජ්ජයි .තමුන් හෙළකරුමක්කාරයෙක් කියලා රටම දන්නවා.
තමුණ් මුළු රටම ජනතාව නොමඟ යවන කතා කියන නිසා තමයි පාර්ලිමේන්තුවේ පඩියක් උඩ වාඩිවෙන්නවත් වරම් නැත්තේ.
ඉස්සර මහදැනමුත්ත කියල චරිතයක් තිබුන ඔහුගේ ගෝලයො කරන්නෙ ඔවුන්ගේ පොතේ තියෙන ඒවා විතරමයි. ඉන් එහා දෙයක් කරන්න ඔවුන්ට හරිවැරැද්ද තේරුම්ගන්න කිසිම දැනුමක් හැකියාවක් නැහැලු .එහෙම වෙලාවට මහදැනමුත්ත නම් අලුත් නීතියක් පනවා කලයුතු දේවල් කලාලු. දැන් කාලයේ ශිෂ්‍යත්වය සදහා පාඩම් වනපොත් කරවනවා මිස කතන්දර කියා කල්පනා ශක්තිය වර්ධනය කරවන්නෙ නැහැනේ
අරුණිට බැරිද ඔය හොල්මන් පිළිලය අරුණිගෙ ගෙදර ගෙනත් තියාගන්න. රටටනම් ඔයවගේ පිළිලත් එපා, ඖෂධත් එපා.
පශ්චාත්භාගය දිවෙන් උනත් සෝදන ඩෝබිලාට මේවාට පිලිතුරු සැපයීමට ගෙවන මුදල වැඩිකර දෙන ලෙස ඉල්ලා පැලවත්තෙ ගවගාලට පෙත්සමක් යවනු.