
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී හෙට(8)විවාදයට ගැනීමට නියමිතය.
මෙම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය අද (6) ලැබිණ.
මෙම විශ්වවිද්‍යාලයේ කටයුතු වඩාත් විධිමත් ලෙස ඉහළ තලයකට ඔසවා තැබීම සඳහා මෙම පනත් කෙටුම්පත වැදගත් බව එහි උප කුලපති මේජර් ජෙනරාල් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා මෙම කමිටුව හමුවේ පැවසීය.
පනත් කෙටුම්පත් අවස්ථා කිහිපයකදීම සංශෝධනය වුවද විශ්වවිද්‍යාලයකට අවශ්‍ය ව්‍යුහය නෛතිකව ලැබී නොමැති බව ද ඔහු සඳහන් කළේය.
වඩාත් ගුණාත්මක පාඨමාලා අවම මුදලක් යටතේ හැදෑරීමට මෙම විශ්වවිද්‍යාලය හරහා අවස්ථාව උදාවන බව කාරක සභාවේ මන්ත්‍රීවරු මෙහිදී පෙන්වා දුන්හ.
මේ අවස්ථාවට රාජ්‍ය ආරක්ෂක හා ආපදාකළමනාකරණ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ ,ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අනුර ප්‍රියදර්ශන යාපා, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ ,ටිරාන් අලස් යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය සම්මත විය යුතුයි. රට තුළ තවතවත් විශ්ව විද්‍යාල බිහිවිය යුතුයි. උසස් පෙළ ඉහළම ලකුණු ගන්නට නොහැකි වූ විට ඉහළට ඉගෙන ගැනීමට වෙනත් මාර්ග තිබිය යුතුයි..
අද සිට උද්ඝෝෂණ තහනම්. පනත 2/3 කින් සම්මතයි. ලංකාවේ විනාශයේ ත්වරණය වැඩි කළ වගයි.
පුද්ගලික විශ්ව විද්‍යාල රටට අවශ්‍යයි.. නමුත් ඒවාට ඇතුල් වෙන්න පුළුවන් අවම අධ්‍යාපන සුදුසුකම ගැසට්කර, ඒ වගේ විභාග... රජයේ විභාග දෙපාර්තමේන්තුව මගින් සිදුකළ යුතුය.
අපිත් යන්නේ ප්‍රයිවට් කැම්පස් තමයි. ඒම යන්නේ දැරිය හැකි මිලකට උපාධිය පිරිනමන නිසා... අපි දන්නවා කොතලාවල විශ්ව විද්‍යාලයේ විනයක් හා හික්මීම තිබ්බා කියලා අතීතයේ වර්තමානයේ එය ගිලිහිලා.. සිතා බලන්න බලධාරින්ට රිසි පරිදි මිල ගණන් පනවන්න පුලුවන් නම් මොකද්ද වෙන්නේ කියලා..