(රංජන් කස්තුරි)

සිවිල් සිසුන් බඳවා ගැනීමට බලතල නොමැති කොතලාවල ආරක්ෂිත විශ්ව විස්‍යාලයේ වෛද්‍ය පීඨයට ශිෂ්‍යයන් 100 දෙනකු බඳවා ගැනීමේ ආණ්ඩුවේ  තීරණයට අප්‍රසාදය පළකරන බව අධ්‍යාපන මිල්ටරි කරණයට එරෙහි ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ ලංකා ගුරු සංගමය ඇතුළු වෘත්තීය සමිති 85කින් සමන්විත අධ්‍යාපන මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඒ බව සඳහන් කළේය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට 2019/2020 වසර සඳහා සිසුන් බඳවා ගැනීම නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ නිසා රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළු වීමට සිදුසුකම් ලැබූ සිසුන් බොහෝ දෙනකුට එම අවස්ථාව අහිමි වූ බව ද එම ලිපියේ සඳහන් කර ඇත.