
(ළහිරු හර්ෂණ)
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරෝධය පා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ විරෝධතා පා ගමනක් කොළඹදී අද (04) පැවැත්විණි.
වෛද්‍ය පීඨ සිසුහු කළු පටි පැළැඳ විරෝධතා පුවරු හා බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයට එක්ව සිටියහ.
කොළඹ වෛද්‍ය පීඨයේ අසලින් පා ගමන ආරම්භ වූ අතර එතැන් සිට වෝඩ් පෙදෙස ඔස්සේ පැමිණ ලිප්ටන් වටරවුමට පැමිණි පිරිස විරෝධතාවයේ නිරත වූහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදුගෙවන පුරවැසියෙක් හැටියට මමත් විරුද්ධයි.. මගේ බදු මුදලින් ඔබලාට නොමිලේ උගන්වනවාට...
හලෝ කොතලාවල විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නේ සල්ලි ගෙවලා. ඒ ගොල්ලන්ට ඔළුව කෙලින් තියාගෙන සමාජයට එන්න පුළුවනි. රජයේ සේවය ඉල්ලන්නේ නැහැ. වාහන ඉල්ලන්නේ නැහැ...
දැක්කද ගව පට්ටියක්...?
මගේ දරුවෝ එකෙක්වත් මේ උද්ඝෝෂණ වල නැහැ. ඒ දරුවෝ වෙන රටවලනේ ඉගෙන ගන්නේ. ඒ වගේම උන් මුන් වගේ මෝඩයෝ නෙවෙයි..... ඒ වුනාට මේ ගොබ්බයො ටික අපේ අණට කීකරුවෙලා ,අපේ වහසි බස් වලට රැවටිලා මෙහෙම පාරවල් දිගේ රස්තියාදු වෙන එක කොච්චර හොදද...මීට කළු කුමාර ඇතුළු සහචර රතු චීත්ත සංගමය....
කෝ රජයේ වෛද්‍ය නිලදාරී සංගමය වෙන හැම එකකටම පාරට බැස්ස කට්ටිය අද මොකෝ නිහඩ ?
තම අධ්‍යාපනය අඩාල කර නොගෙන අවශ්‍යම දෙයක් නම් විරෝධය පළ කරන්න. දේශපාලන අරමුණු සඳහා යොදා ගෙන ජයගන්නා කණ්ඩායම් ඉතාමත් පහත් ලෙස අප අතහැර දමා යන අයුරු 85-90, 6% සයිටම් අවසන් පොදු අත්දැකීම්ය.
මුදල් ගෙවා අධ්‍යාපනය ලබා දීමට මොවුන් විරුද්ධ වෙති. මේ නිසා නිදහස් අධ්‍යාපන පිහිටෙන් උපාධිය ගෙන පිටරට පදිංචියට යන අයට විරුද්ධව නීති ලංකාවට ගෙන ආ යුතුය. උපාධිය ලබාගත් පසු අවම වශයෙන් වසර 20ක් වත් ලංකාවේ රැඳී සිට සේවය කළ යුතුය. නැතිනම් මොවුන් ලාංකීය ජනතාවගේ මුදල් අනියම් ආකාරයෙන් සොරකම් කරන පිරිසකි.
රටක වටිනාකම රඳා පවතින්නේ එම රටේ සිටිනා උගත් බුද්ධිමත් පිරිස නිසාය.නැතහොත්,අමන මෝඩ දේශ පාළු හැතිකරය නිසා නොවේ.කොතලාවල හමුදාවල අයට තමන්ගේ උසස් අධ්‍යාපන සුදුසුකම් ලබා ගැනීමට පුළුවන් ස්ථානයක් ලෙස පැවතීම සුදුසුය.ඒ සඳහා මුදල් ගෙවා පිටස්තර අයද ඇතුළත් වූවාට කම් නැත.එසේම රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ඒ ඒ ප්‍රමිතීන් යටතේ තිබීමද සුදුසුය.අනුවණ දේශපාලකයන් තමන්ගේ මෝඩ පරපුරවල් වල හා හෙන්චයියන් ගේ පහසුව පතා මේ කිරීමට වෙර දරන අනර්ථකාරී ක්‍රියාවට විරෝධය පෑමට වෛද්‍ය සිසුන් ඉදිරිපත් වීම අගනේය.නීති විභාගය හොරට ලියූවේ යැයි පැවසෙන,තවත් ඒ වැනි අය සමඟ එක්ව කෙරෙනා අධ්‍යාපන පරිපාලන කටයුතු වල තත්ත්වය කෙසේදැයි නුවණ යන්තම් හෝ ඇත්තෙකුට පෙනේ.රටේ අනාගත පරපුර සඳහා ලැබීය යුතු විශ්ව විද්‍යාල අධ්‍යාපනය මිලිටරි කරණය නොවීය යුතුය.අධ්‍යාපනය මිලිටරීකරණය වීම නිදහස් නිවහල් ස්වාධීන ස්වෛරී බුද්ධිමතුන්ගේ පහළවීමට ඉඩක් නොතබයි.මේ උද්ඝෝෂණ කරුවන් පාරට බැස්සුවේ රජයයි.එය නැවත්වීම කළ යුත්තේද, රජයයි.