(නිමල කොඩිතුවක්කු)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නොමනා හැසිරීම මැද කතානායක පක්ෂග්රාහී නොවී ප්රජාතන්ත්රවාදයට සහ ව්‍යවස්ථාවට ගරු කරමින් කාටත් ආදර්ශයක් වෙමින් කටයුතු කිරීම පිළිබඳ මහා සංඝරත්නය ලෙස ඒ ගැන අපි ආඩම්බර වන බව අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මකුරුප්පේ ශ්‍රී රතනපාල රතනජෝති හිමියෝ කොළඹදී අද (19) පැවසූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිගින් දිගටම මේ ආකාරයෙන් නොමනා ලෙස හැසිරීමෙන් රටත්, ජාතියත් ආගමත් සම්බුද්ධ ශාසනයත් විනාශ වන බවද උන්වහන්සේ සඳහන් කළේය.
සාධාරණ සමාජයක් සඳහා වු ජාතික ව්‍යාපාරයේ භික්ෂු සංසදය රාජගිරියේ පිහිටි එම කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවැසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මකුරුප්පේ ශ්‍රී රතනපාල රතනජෝති හිමියෝ මෙසේද කීහ.
පොදු අපේක්ෂකයා විදියට පත්වුණු මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරමින් රට ගොඩනගාවි කියලා අපි කවුරුත් බලාපොරොත්තු වුණා. අද ඒ බලාපොරොත්තු බිඳවැටෙමින් තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හැසිරීමත් එක්ක බලපුවහම රට කොහාට යනවද කියලා අපිටම හිතා ගන්න බැහැ. මහින්ද රාජපක්ෂ මහතාට ඇයි මේක සාකච්ඡා කරලා විසඳ ගන්න බැරි.
මේ අය සාකච්ඡාව සම්මුතිය පැත්තකට දාලා ගැටුම්කාරී විලාසයක් අනුගමනය කරමින් තමයි මේ ගමන යන්න හදන්නේ. රටත්, ජාතියත් ආගමත් සම්බුද්ධ ශාසනයත් නැත්තට නැති කරන්නයි මේ අය කටයුතු කරන්නේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතානායකවරයා පක්ෂග්රාහී නොවී....????? මේ කියන්නේ කලින් හිටපු කෙනෙක් ගැන වෙන්ට.
මේ හාමුදුරුවොත් 'ඡන්දයෙන්' අගතියට ගිහින්...
මාදුළුවාවේ සොබිත හාමුදුරුවෝ නැතිවූ පාඩුව. මල්වතු ඉහළම හාමුදුරුවෝ ස්වාධීනව ජනපතිට විසඳන ලෙස උපදෙස් දුන් සේක. මම මෙතෙක් හිතුවේ අස්ගිරි පාර්ශවය රාජපක්ෂවාදය කරන්නේ කියලා. මෙම ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මකුරුප්පේ ශ්‍රී රතනපාල රතනජෝති හිමියන්ට බලවත් ස්තුතිය. අපි ලක්ෂ 62 අය. ලක්ෂ 58 ගත් රාජපක්ෂට විරුද්ධව 2015 ජනවාරි 8 ජනපති අප සමග ගිවිසුම (වසර 5-6 ගිවිසුම) කඩකර ලක්ෂ 58 සමග සිටීම නිසා අපගේ සිවිල් අයිතිවාසිකම් කඩකර තිබේ. මෙයට කිසි කෙනෙක් (නීතිය දන්නා අය) නඩු නොදමන්නේ ඇයි? නිල වශයෙන් නොවූවත් මාධ්‍ය කැඳවා, ඔප්පු කරන සාධකයක් ලෙස පාර්ලිමේන්තුවේ වෙනත් කාමරයක 113 වැඩි දෙනා එකතුවී නමින් ඡන්දයක් ගෙන මුළු ලොවටම නොපෙන්වන්නේ ඇයි?
කතානායක පක්ෂයකට අදාල වැඩකරන එක හරි කියලද ඔය කියන්න හදන්නේ, නැත්නම් පටලුනාවත්ද? ඔබවහන්සේටත් ඡන්දය අගතියට යන එක නොපනිවගේ කතාකරන්නේ...... ඩොලර් වත්ද?
සිවුර පඬුපොවලා තියෙන්නේ කොළපාටින් වගේ...
පොදු අපේක්ෂක ලෙස සිදුකරන ලද පොරොන්දුවලින්, තම වාසියට ඇති ඒවා (අගමැති තනතුර ලබාගැනීම, ජනපති බලතල අඩු කිරීම, විරුද්ධවාදීන්ට සත්‍ය හෝ අසත්‍ය චෝදනා එල්ල කිරීම..) ඉතා සතුටින් බුක්ති විඳි වික්‍රමසිංහ මැතිතුමා, රට සහ ජාතියේ අනාගතය වෙනුවෙන් සිදුකරන ලද පොරොන්දු අමු අමුවේ බිඳ දමන ලදී (සොරකම්, වංචා සිදුවීම හා වැළැක්වීමට කටයුතු හිතා මතා මගහැරීම, ණය ගෙවීමට යැයි කියමින් දිගින් දිගටම සම්පත් විකිණීම, දීර්ඝ කාලයකට බදු දීම, රණවිරුවන්ට එල්ල කරන ලද චෝදනා වග විභාගයකින් තොරවම පිළි ගැනීම, රටේ ජනතාව වෙනුවට විදෙස් සංවිධානවල අවශ්‍යතා ගැන පමණක් සිතා කටයුතු කිරීම). එහිදී ජනපති ලෙස තවදුරටත් බලා සිටීමට නොහැකිවීමෙන් අගමැති තනතුරට එජාපයේම සිටින සජීත්, කරු වැනි අයට අවස්ථාවක් ලබා දුන්නට පක්ෂය තුළ ඒකාධිපති ලෙස කටයුතු කරන වික්‍රමසිංහ මහතාට ඇති බිය නිසා එයද සිදු නොවීය. එහිදී පැවති එකම විකල්පය ලෙස මහින්ද මහතා ජනපති විසින් තෝරා ගන්නා ලදී. අනතුරුව සාධාරණභාවය උරගා බැලීමට ජනපතිතුමන් ජනතාව අතරට යෑමට තීරණය කළ නමුත්, හිටපු අගමැති හා කථානායකතුමන් විසින් විදෙස් තානාපතිවරුන්, රාජ්‍ය නොවන සංවිධාන ආදියේ උපදෙස් මත කරන්න.
දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ !!!
මගේ ප්‍රණාමය.
මෙතුමා උගත් බුද්ධිමත් වගේම වංචා දුෂණයෙන් තොර මහත්මයෙක්
මොන රටේ කතානායක ගැනද කියන්නේ