(සුජිත් හේවාජුලිගේ)
කතානායක කරු ජයසූරිය මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට කැඳවා අද (31) සාකච්ඡාවක් පවත්වා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
රටේ ආරක්ෂාව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කර තිබෙන බවද එම ආරංචි මාර්ග කියයි.
පොලිස්පතිවරයා කතානායකවරයා හමුවීමට පෙර අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඒ පිළිබඳව දැනුම් දී ඇත.
කතානායකවරයා හමුවීමෙන් පසුවද පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අගමැතිවරයා නැවත වරක් හමුවී තිබෙන බව දැනගන්නට ඇත.
ජනාධිපතිවරයා හා කතානායකවරයා අතරද විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අනික් කෙනා....
දැන් කට්ටිය කඩේ යනවා මලු අරගෙන .