(සුජිත් හේවාජුලිගේ)
කතානායකවරයා මන්ත්‍රීවරුන්ට මිස රජතුමාට යටත්වීමේ අවශ්‍යතාවක් නැති බවත් මේ අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ඉතිහාසය ගතවීමට වර්තමාන කතානායකවරයාට ඓතිහාසික අවස්ථාවක් උදාවී තිබෙන බවත් පාර්ලිමේන්තුවේ හිටපු සභානායක හා හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුව කල් දැමීම සඳහා ජනාධිපතිවරයා කතානායකවරයාගේ අදහස් විමසිය යුතු බව කී කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුව කල් දමමින් දේශපාලන කුමන්ත්‍රණ කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවද ප්‍රකාශ කළේය.
‘‘කතානායකවරයා ඉදිරියේ අප බහුතරය පෙන්වා අවසන්‘‘ යැයිද හෙතෙම කීය.
කිරිඇල්ල මහතා මේ බව පැවැසුවේ කතානායක කරු ජයසූරිය මහතා හා විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (2) පැවැති සාකච්ඡාවකදීය.
මේ සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂය,ජනතා විමුක්ති පෙරමුණ, හා ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඇත්ත. කතානායකතුමා ස්වාධීනව සිටිය යුතුමය.
රජු කතානායකට යටත් වෙන එකකුත් නැහැ.
ඕන ගොනෙකුට කිරිඇල්ල වගේ දියවන්නාවේ ආණ්ඩුපක්ෂ සංවිධායක විය හැකිය.
රජුට නැතුව දොරටුපාලයට යටත්වෙන්නද කියන්නේ?
ඔවුන්ට යටත්වෙලා දුක් විඳින්න සිද්ධ වෙන්නේ රටේ සාමාන්‍ය ජනතාවටයි. සමහර මීහරකුන්ට ඒ බව තේරෙන්නේ නැහැ! ඒ අයට ඕන රජතුමාගේ පරවේණි දාසයන් හැටියට ඉන්න...!
මේ කතානායක යටත් වෙන්නේ රනිල්ටනේ...
මට මේ වෙලාවේ මතක් වෙන්නේ හිටපු කතානායක අනුර බණ්ඩාරනායක මහතා. එතුමා ඉතා නිර්භීතව කෙළින් වැඩ කළා. මන්ත්‍රීවරුන්ගේ අයිතිවාසිකම්, එතුමා ආරක්ෂා කෙරුවා.
ඕනේ ගොනෙකුට පුළුවන් ප්‍රධාන සංවිධායකකම් කරන්න.
ව්‍යවස්ථාවේ මොන වගන්තියේද එහෙම තියෙන්නේ?
එහෙනම් මොකටද ජනාධිපති කෙනෙක්. කතානායකටම රට භාර දුන්නනම් ඉවරයිනේ.
මොන රජුටද? යම රජුටද?