(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටේ ප්‍රශ්න වලට විසඳුම් දීමට ක්‍රියා නොකළහොත් කතානායකවරයා නිවාස අඩස්සියේ තබා ගැනීමට සිදුවන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමෙන් පසු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ කථානායක කාමරය අසලට ගිය අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලැබී නැත.