
(බන්දුල ඉලේපෙරුම)
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (17) පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී කොවිඩ් ‘ඇස්ට්‍රාසෙනිකා’එන්නත ලබා ගත් අතර, එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාද එක්ව සිටියේය.
ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද පෙරවරුවේ කථානායක නිල නිවසට පැමිණ කථානායකවරයා සමග යුද හමුදා රෝහල වෙත ගොස් එන්නත ලබාගත්තේය. කොවිඩ් වසංගතය මර්දනය කිරිම පිණිස ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ලංකාවට ලැබී දැනට එන්නත්කරණය සිදු කෙරෙමින් පවතින ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබා ගැනීමට ජනතාව දිරිමත් කිරීම සඳහා කථානායකවරයා මෙසේ එන්නත ලබා ගෙන තිබේ.
මෙම එන්නත ලංකාවට ලබාදීම සම්බන්ධව ඉන්දීය රජයට සිය ස්තුතිය පල කළ කථානායකවරයා ඉන්දු ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ඉන්දීය මහ කොමසාරිස්වරයා සමග දිර්ඝ ලෙස සාකච්ඡා කළේය.
අද (17) මධ්‍යහ්න 12 වන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 24 දෙනෙක් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාගෙන තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම මෙයාලා නැතිව කොහොමද රට පාලනය කරන්නේ...?
මෙයා ජනතාව දිරිමත් කරන්න පැණියත් බිව්වා නේද?
ඇයි කළින් පැණි බීලා ෆුල් ෆිට් එකේ නේද ඉන්නේ? ආයි මොකටද එන්නත්?
මේ වගේ අයටත් එන්නත දෙනවාද? මෙයාලට පැණි විතරක් දුන්නා නම් හරි.. කොරෝනා කරුණාකර රටට යහපත් දෙයක් කර දෙන්න.