(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුරුණෑගල දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක ගමන් ගත් හතළිස් හැවිරිදි කාන්තාවකට බස් රථය තුළදී ලිංගික අතවරයක් සිදු කළේ යැයි කියන නාවික හමුදා සෙබලෙකු ඊයේ 15 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගත් බව පොතුහැර පොලිසිය පවසයි
අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකාර සෙබළා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක රාජකාරි කරන අයෙකි.
කාන්තාවට සිදු වූ බව පැවසෙන ලිංගික අතවරය ගැන පොතුහැර පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමක් මල්පිටිය ප්‍රදේශයේදී බස් රථය නතර කරගෙන සැකකාර සෙබළා අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය පවසයි.
ලිංගික අතවරයකට පත් වූයේ යැයි කියන කාන්තාව පොලීසියට කළ ප්‍රකාශය අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
කුරුණෑගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මතපොතුහැර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නීතිඥ ප්‍රදීප් මහතාගේ ප්‍රධානත්වයෙන් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කතකට අතවර කළ නාවික සෙබළා අල්ලයි