
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කාන්තාවක් පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක ගැටිමෙන් පදිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
පිළියන්දල බෝකුන්දරදී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ බොරලැස්ගමුව වේරහැර පදිංචිව සිටි සජිත් කුමාර වයස අවුරුදු පනස් දෙකක අවිවාහක පුද්ගලයෙකි.
ගාල්ල ප්‍රදේශයේ සිට නුගේගොඩ දෙසට ජීප් රථය ධාවනය වූ මෙම රථය පදිකයා යටකරගෙන දුරකථන කණුවක හා මැද තීරුවේ තිබෙන මල් පෝච්චිෙක ගැටී ජීප් රථය නතර වී තිබූ බව පොලිසිය කියයි.
ජීප් රථය ගැටුණු පදිකයාගේ සිරුර අසල කාණුවේ පෙට්ටි බෝක්කුව තුළට විසිවී ගොස් තිබූ බව පොලිසිය කියයි.
අනතුර වන අවස්ථාවේදී ජීප් රථයේ එහි රියැදුරු ලෙස සිටි කාන්තාවගේ සැමියා මෙන්ම දියණිය හා මිතුරකු ද ගමන් කර ඇති අතර කිසිවකුට අනතුරින් තුවාලයක් සිදුවී නැතැයි විමර්ශන පවත්වන පොලිස් නිලධාරියෙක් පැවැසීය.


2025 දෙසැම්බර් මස 18
670
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතක් පැදවූ මෝටර් රථයේ ගැටී පදිකයා මරුට
Ruhunu Thursday, 30 December 2021 04:32 PM
කතක් කියන්නේ ඉතින් මග මරුවෙක් තමයි ඉතින්...