(රංජිත් රාජපක්ෂ)
නුවරඑලිය නගරයේ තොග සහ සිල්ලර වෙලදසැලක ඉහල මහලයේ ගබඩා කර තිබු පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය කිලෝ 800 ක් නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නුවරඑලිය මහ නගර සභා නාගරික සෞඛ්‍ය අංශයේ නිලධාරිහු අද දින පියවර ගත්හ.
නුවරඑලිය මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය අංශයේ නිලධාරින්ට ලද පැමිණිල්ලක් මත එම නිලධාරින් විසින් අදාල වෙලදසැල සහ ගබඩාව අද දින හදිසි පරික්ෂාවට ලක් කෙරිණ.
එහිදි ගබඩා කාමරය තුළ කරවල , ටින් මාළු , උදුපිටි , සුකිරි , හාල්මැස්සන් , මිරිස් , තුනපහ ,රටඉදි ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් කල් ඉකුත් වි තිබු බවත්, තවත් ආහාර ද්‍රව්‍ය රැසක් මියන්ගේ මල මුත්‍රා සහිතව ගබඩා කර තිබු බවයි වැටලිම සිදු කර නාගරික සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කියා සිටියහ.
මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබු ආහාර ද්‍රව්‍ය විනාශ කිරිමට පියවර ගන්නා බවද නාගරික සෞඛ්‍ය අංශයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැඩිදුරටත් කියා සිටිහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
කුණු කෑම කිලෝ 800ක් අල්ලයි