
(අංජුල මහික වීරරත්න)
කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවට සමගාමීව කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයට මෙම අවස්ථාව හිමි වී තිබේ.
මෙහිදී, එම විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකාවන් හට පාර්ලිමේන්තු සම්ප්‍රදායේ ඉතිහාසය, පාර්ලිමේන්තුවේ කාර්‍ය සහ කර්තව්‍ය මෙන්ම, ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ සංකල්පමය වටිනාකම සහ එහි ප්‍රායෝගික වැදගත්කම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදා විය.
එසේම, කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවට ක්ලීන් ශ්‍රි ලංකා ව්‍යාපෘතිය භාර අමාත්‍යවරයෙකු පත් කිරීම විශේෂත්වයකි. ශිෂ්‍ය පාර්ලිමේන්තු අමාත්‍ය මණ්ඩලය සහ සාමාජිකාවන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමද මෙම අවස්ථාවේදී සිදු විය.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලී වීරසේකර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත්, ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක සේවා සහ සන්නිවේදන අධ්‍යක්ෂ ජයලත් පෙරේරා යන මහත්ම මහත්මීහු සහ කඩවත මහමායා බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කඩවත මහමායා ශිෂ්‍ය පාර්ලිමේන්තුව ජනාධිපති කාර්යාලයේ
විපරමා Thursday, 28 August 2025 01:31 PM
ඉස්සර නම් ඔය තැන් වල දූෂිත දේසපාලුවෝ පව්ල් පිටින් අරක්ගෙන තිබුණේ, හරියට තමුන්ගේ බූදලේ වගේ...