ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනයට අනුව කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වා ඒවාට කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අවස්ථාව සැලසිය යුතු යැයි ඉන්දීය ප්‍රකාශ කරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්දීය නියෝජිතයා අද (23) එම ප්‍රකාශය කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය පසුගිය මාසයේ දී ආරම්භ වූ අතර එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායම ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, වගවීම හා ප්‍රතිසන්ධානය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද (23) පැවැත්විණි.
එහිදි අදහස් දැක්වූ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයා ඉන්දීය රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් මෙසේ කීය.
“එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය තුළ ඇතුළත් මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය, ඵලදායී ජාත්‍යන්තර සංවාද සහ සහයෝගීතාව පවත්වා ගැනීම සෑම රාජ්‍යයකම මූලික වගකීම යැයි ඉන්දියාව විශ්වාස කරනවා.
ශ්‍රී ලංකාව යනු ඉන්දියාවේ ආසන්නතම අසල්වාසියෙක්. ඉන්දියාව 2009 වසරේ සිට ශ්‍රී ලංකාවට සහන ලබා දී තිබෙනවා. එමෙන්ම පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ කටයුතුවලට ද ඉන්දීය, ශ්‍රී ලංකාවට සහාය ලබා දී තිබෙනවා.
අපි ශ්‍රී ලංකාවට සංවර්ධන සහාය ලබාදීමේ දී විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වල ජීවත්වන ජනතාවගේ ජීවනෝපාය සහ ආර්ථිකය පුනර්ජීවනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමතේ මළත් ඉන්දියාවෙන් සහන ලබාගන්න එපා.
අපේ ඡන්දය තියෙන්නේ අපිට ඕනෑ වෙලාවක... ඉන්දියාව මොකද කලබල වෙලා? අපේ දේශප්‍රේමී විමල්, උදය ඉන්නවා. හොඳ දේවල් ටිකක් කියයි හකුලාගෙන දුවන්න.
ඇත්තම කියනවා නම්, ඉන්දියාව හෝ වෙනත් රටක් ලංකාවට ආධාර හෝ සහන ලබා දිය යුතු නැහැ. ඒ සියල්ල මෙරට පාලකයින් විසින් එදත්, අදත් එක ලෙසම හොරා කෑවා. ඉන්දියාවෙන් ලබා සුන් "සුවසැරිය ගිලන් රථ" සේවයට මේ රටේ අමන සිංහලයින් මොනතරම් නම් විරුද්ධ වුවාද? කියන්න ලැජ්ජයි ලංකාවේ දොස්තරලා පවා. නමුත් අද එම ගිලන්රථ සේවාවෙන් මේ රටේ සමස්ත ජනතාවම එහි ප්‍රතිලාභ භුක්ති විඳිනවා. හොර තක්කඩි සිංහලයින් වෙසෙන අනෙක් ප්‍රදේශවල පළාත් සභා වලින් ජනතාවට සෙතක් නොවුණත්, උතුර හා නැගෙනහිර පළාත් සභාවන්ට ස්‌වයං පාලනයක් ලබා දුන්නොත්, ඔවුන් එම ප්‍රදේශ කොළඹට වඩා දියුණු කරනවා සිකුරුයි. ලංකාවේ පාලකයින්ට හා ඔවුන්ගේ දරු පරම්පරාවලට දියුණු රටවල පුරවැසිකම් තිබුණත්, අපට තියෙන්නේ, ලෝකයේ නොවේ, ලංකාව තුල පවා පිළිනොගන්නා නිහීන ජාතිකත්වයක්. එය මේ රටේ හොර සිංහල තක්කඩි පාලකයින් විසින් අපට උරුම කරදී හමාරයි. දැන් අපට අවශ්‍ය වන්නේ ඇත්තටම ලෝකයේ ප්‍රෞඩ ජාතියක කොටස්කරුවන් වීමටයි. එහි තේරුම තම ජාතියට ගරු කරන, විපතේදී තම ජාතියෙන් ගසා නොකන, රටේ පරිසරය ආරක්ෂා කරන උතුම්, ශ්‍රේෂ්ඨ ජාතියක, ජාතිකත්වය ලබා ගැනීමයි. ඉන්දියාවේ බලපෑම අගය කරමි.
රටේ පළාත් සභාවල කාරිය කරන උත්තමයින්ට පඩි ගෙවන්නට ඉන්දියාවට බැරිද? මොකද, අපි මේවට ගෙවන බදුවලට අපට සේවාවක් ලැබෙන්නේ නැහැ.
අපි කියනවද ඉන්දියාවට මෙහෙම කරන්න, අරහෙම කරන්න කියලා? අපි අපිට ඕනෑ විදියට මෙහේ කරගන්නම්. ලාංකිකයන් විදියට ඔක්කොම එකතු වුණොත් මේ විදෙස් අත පෙවීම් වළක්වාගන්න පුළුවන්. බල ලෝභීත්වය පැත්තක තියලා ලාංකිකයන් එකතු වුණොත් මෙයාලා මෙහෙම චණ්ඩිකම් පෙන්නන්නේ නැහැ.
දැන් ලංකාව පාලනය කරන්නේ ඉන්දියාවද? අනේ අපටත් රජෙක් හිටියා නම්... දැන් හැම රටක්ම අප රටට කකුල උස්සන් යන්නේ...
අපි ඉන්දියාවේ කොටසක් කියලා හිතන් ඉන්නවද දන්නේ නැහැ. ශ්‍රී ලාංකික ඔබ ඉන්දියන් නිෂ්පාදන ප්‍රතික්ෂේප කරන්න... එදා ඉඳලා අපිට හිටියේ පාකිස්තානය විතරයි.. සහායට...
චීනයෙන් නම් එහෙම එකක් කියලා නැහැ. අහලා බලලා මොනවා හරි කළා නම් තිබෙටයේ තත්වය කොහොමද? කාෂ්මීරයේ එහෙම එතකොට පාකිස්තානය පැත්තේ බෝම්බ දමන්න එහෙම ගියේ නැතිද? මේ රටේ පැලපදියම් වෙලා ඉන්න ඉන්දියන් කාරයින් ටික නැවත බාරගන්නවද?
අයියෝ මෙහෙමත් මෝඩ රැළක්නේ... අදහස් දාගෙන ගිහිල්ලා තියෙන්නේ..
කියන්න ඕනෑ හැමදේම කියලා බලයට ආවා. ඒත්, රට ගැන, රටේ පාලනය ගැන වෙනත් රටවල් ඇඟිලි ගහද්දී අද මේ අය ඇටි කෙහෙල් ගිල්ල උගුඩුවන් මෙන් නිරුත්තර වෙලා... මේ වගේ දේවල් විදේශ ඇමැතිතුමා විපක්ෂයේ ඉන්නා කාලයේ වුණා නම්.. බලන්න තිබුණා ගිරිය පූප්පාගෙන පාර්ලිමේන්තුව දෙවනත් කරන හැටි..
දැන් හොඳයි... චීනයේ විතරක් නෙමෙයි.. ඉන්දියාවත් අපිට වඩා කියනවා. ඊයේ, පෙරේදා මහින්ද රාජපක්ෂ බංග්ලාදේශයට ගිහින් සල්ලි ඉල්ලුවේ නැහැ. තව ටික දවසකින් එයාලත් අපිට කරන්න වැඩ ටිකක් දෙයි. අනේ මෙහෙම දීන පාලකයෝ. මේ වගේ පාලකයෝ පොල්පිතිවලින් හදාගන්න තිබුණා කිසි වියදමක් නැතිව..