
(නිපුන් ගරුක)
ජාත්‍යන්තර සුදු සැරයටි දින සැමරුමට සමඟාමීව දෘශ්‍යාබාධිත පුද්ගලයන්ගේ නිර්මාණ ඇතුළත් “කඩතුරාව” නිර්මාණ ග්‍රන්ථය එළිදැක්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී සිදු කෙරිණි.
කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සුදු සැරයටි පා ගමන හා සැමරුම් දින උත්සවය මෙවර සංවිධානය කර නොතිබුණ අතර ඒ වෙනුවෙන් දෘශ්‍යාබාධිත නිර්මාණකරුවන්ගේ දීප ව්‍යාප්ත කෙටිකතා සහ පද්‍ය රචනා තරගයක් පවත්වා ඉන් තෝරාගත් නිර්මාණ ඇතුළත් කරමින් “කඩතුරාව” නමින් නිර්මාණ ග්‍රන්ථයක් මෙසේ ප්‍රකාශයට පත් කර තිබේ.
දෘශ්‍යාබාධිත පුනරුත්ථාපන භාර අරමුදලේ ප්‍රකාශනයක් ලෙස එළිදකින මෙම ග්‍රන්ථය ප්‍රාථමික වෛද්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වනු ලබා ඇත.
ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සංකේතවත් කරමින් අග්‍රාමාත්‍යතුමා මෙහි දී දෘශ්‍යාබාධිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සුගත් වසන්ත ද සිල්වා මහතාට සුදු සැරයටියක් පිරි නැමුවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා නම් හිතාගෙන ඇත්තේ රටේ සියල්ලම දෘශ්‍යාබාධිතයින් කියලයි මට හිතෙන්නේ. නමුත් මට හිතෙන්නේ ඒ ගණන 69 ලක්ෂයක් කියායි...