(නිමල කොඩිතුවක්කු)
කොවීඩ් මරණ භූමදානය කිරීම සඳහා අගමැතිතුමාගේ ප්‍රකාශය ලබන 22 දිනට කලින් ගැසට් එකක් ගසා නීත්‍යනුකුල කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්.මරික්කාර් මහතා කොළඹදී පැවසීය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා මෙසේද කීවේය .
"ශ්‍රී ලාංකික සියලුම දෙනාට මානව අයිතිවාසිකම් වලින් පිරිපුන් ජීවිතයක් ගත කිරීමේ නිදහස තිබිය යුතු බව සමගි ජන බලවේගයේ අපි විශ්වාස කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ වලට පටහැනිව විද්‍යාත්මක හේතුන් වලින් තොරව මිත්‍යාව පදනම් කරගෙන රජය කෝවිඩ් මළ සිරුරු ආදාහනය කිරීම ගැන සමගි ජන බලවේගය අපි සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සටන් කරා.
ජලයෙන් කොවීඩ් පැතිරෙන්නේ නැහැ කියලා කෝවිඩ් භාර රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී මහත්මිය ප්‍රකාශ කරා. කෝවිඩ් හැදෙන නිසා මුඛ ආවරණ පළඳිනවා. නමුත් මුඛ ආවරණ කවදාවත් පුච්චලා නැහැ. එය නිවාස වල කුණු සමඟ එළියට යනවා.
ජලයෙන් පැතිරෙන්නේ නැත්නම් ඇයි භූමදානයට අවසර නොදෙන්නේ කියලා මම පාර්ලිමේන්තුවිදී අග්‍රාමාත්‍ය තුමාගෙන් අසා සිටියා. අගමැතිතුමා නැගිට කිව්වා භූමදානයට අවසර දෙනවා කියලා.
දැන් ජිනීවා මානවහිමිකම් කොමිසම එනවා. ආණ්ඩුවේ ගොන් තකතීරු උදච්ච වැඩ නිසා එය හිරවෙලා. අපිට දේශපාලනයට වඩා ප්‍රමුඛ රටයි. එම නිසා ජිනීවා මානව හිමිකම් කොමිසමේදී බේරෙන්න ඕනේ අපේ රට. එය කර හැක්කේ පහුගිය කාලෙත් බේරුණේ මැදපෙරදිග ඡන්ද උපකාරය අපට ලැබුණු නිසයි.
මේ කොරෝනා මෘත දේහ භූමදානයට අවසර ලබා දීමේ ප්‍රකාශය ජිනීවා මානව හිමිකම් මැදපෙරදිග ඡන්ද ලබා ගැනීමට කල ගුන්ඩුවක් කරන්න ඉඩ දෙන්න බෑ. පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් මෙරට පාර්ලිමේන්තුව අමතන්න සූදානම්. එතුමා ඇවිත් යනකන් විතරක් මෙයට ඉඩ දීමක් වෙන්න බෑ. මොකද මෙය දැන් ජාත්‍යන්තරයට ගිහින් ඉවරයි. ලෝකයේ රටවල් ගණනාවක නායකයින් සමඟ අපේ අය ටිවිටර් හරහා පණිවිඩ යවා ඉවරයි. අගමැතිතුමාගේ ප්‍රකාශය ජෝක් එක්ක කරන්න දෙන්න එපා කියලා මේ අවස්ථාවේ කියනවා. ඒ වගේම ඉම්රාන් ඛාන් එන නිසා කිව්ව එකක් වෙන්න බැහැ. 22 දිනට කලින් ගැසට් එක ගහලා මෙය ඉවර කරන්න කියලා අපි කියනවා.
මෙය ආගමික දේශපාලන ප්‍රශ්නයක් කරන්න එපා. කතෝලික මුස්ලිම් බුද්ධාගම සියලු ආගම් වල මූලික මිනිස් අයිති වලට ගරු කරමින් ලබා දුන් තීන්දුව ගැසට් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා .
නොමේරු අත දරුවො මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා ඒ අලුත් අයයි. මහින්ද රාජපක්ෂ මහතා උත්තර දුන්නේ දැනගෙන එතුමා දන්නවා ජිනීවා මානව හිමිකම් ප්‍රශ්න එන බව. මහින්ද මහත්තයාට මෙය පිලිතුරු දෙන්න වුනේ විපක්ෂනායක වරයා දිගින් දිගටම මේ වෙනුවෙන් හඩ නැගූ නිසයි. සියලු ආගම් ජාතීන්ට ගරු කරන නායකයෙක් අපට ඉන්නවා. දැන් ජිනීවා මානවහිමිකම් කොමිසම එද්දී ආණ්ඩුව පොෂ් වෙන්න හදනවා. ජනතාවගේ සැබෑ ප්‍රශ්න හදුනාගෙන ඒ සදහා අවධානය යොමු කර යුතුයි" යයිද ඔහු එහිදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පොරොන්දුව ඉම්රාන් ඛාන් ඇවිත් යනකල් විතරද දන්නේ නැහැ...?
මරික්කාර් මහතාට මේ තදියම තියෙන්නේ මේ කෝවිඩ් හැදිලා මැරෙන අයව දිනා 40 න් දෙවියන් ළඟට යවන්න. ඒකට එච්චර හදිසි වෙන්න අවශ්‍ය නැහැ. බෞද්ධ අප නම්, කෙනෙක් මැරුණාම ඒ මෘත ශරීරය කුණුවී ජරාවට යන බව දන්නවා. ඔබලා උගත් වෙලත්, මේවා වටහාගන්නේ නැතිව කටයුතු කරනවා. ඔබලාට මේ මැරිච්ච මෘත දේහ ගැනයි මෙතරම් උනන්දුව...
ඔයාට නැට්ට විතරයි නැත්තේ...
ආනේ.. ඔව්.. සතියකට වතාවක් ගැසට් එකක නැතිනම් අපිට කියවන්න තියෙන්නේ අන්දරේගේ කතාවල් විතරයි.
අපේ කොන්ද පණනැති නායකයින්ගෙන් ඔහෙලගේ කොරෝනා මෘතශරීර භූමදානයට ඉඩ ලබුණානේ... දැන්වත් කට වහගෙන ඉන්න.
අප කාගේවත් ආගමික මතයට පහරදෙන්න තරම් සැහැසි නැහැ. ඔබලාගේ මෘතදේහ මේ රටේ භූමදානය කළා පෙරදි. කෝ කව්රුවත් මොනම හෝ බාධාවක් කළාද? නැහැ නේද? කරුණාකර මේ රටේ ලෝකේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන, මේ වෛරසය ගැන මඳක් සිතා බලන්න. මේ ඇතිවී තිබෙන තත්ත්වය ගැන හා මේ වෛරසය ගැන, ඔබේ දෙවියන්ට යාඤ්ඤා කොට මේ අවස්ථාවේ ඇතිවී තිබෙන රෝ බිය නිසා ආදාහනය කරන මෘතශරීරවල ආත්මය දෙවියන් ළඟට අනුකම්පාකොට ගන්නා ලෙසට ඉල්ලීම් කරනවා නම් කොතරම් අගනේද? සැබෑවටම දෙවියන් සිටින්නේ නම්, ඒ වැනි ඉල්ලීමක් දෙවියන් පැහැර හරින්නේද නැත. දෙවියන් මේ වසංගතයෙන් මිනිසුන් පත්වී ඇති අසරණබව සිතා ඊට එකඟවනු නොඅනුමානයි. සැම වෙනුවෙන් සියලු මුස්ලිම්වරුන් එක්ව මෙවන් දෙයක් කරන්නේ නම්, ඔබලාගේ දෙවියන් මෙන්ම ඔබලාගේ වටිනා අදහස් හමුවේ ජනතාවද ප්‍රශංසා කරනු ඇත...
මෙරටේ ගොබ්බ පාලකයින් ඉන්නකම් නුඹලාට හොඳයි.
භූමදාන තීන්දුව ප්‍රකාශයට පත්කළ අගමැතිතුමාට නොබුරා නැට්ට බඩ යට ගහගෙන සිටින රැලක්, මරික්කාර් මහත්තයාට සද්දෙට බුරන එකයි මට තියන ප්‍රශ්නය...!!
මරික්කාර් මහත්තයා හරියට අහගෙන හිටියේ නැද්ද මන්දා... අගමැතිතුමා කිවේ " මැරුණු අය භූමදානය කරන්න අවසර තියෙනවා" කියලා මිස " කෝවිඩ් වලින් මැරුණු අය භූමදානය කරන්න පුළුවන් " කියල නෙවේනේ. මොනවද මහත්තයෝ පාර්ලිමේන්තුවේ කියන දේවල් හරියට අහගෙන ඉන්නකෝ... අපට වද දෙන්නේ නැතුව.
තව ඔයාට මොනවද ඕනේ..?
මෝඩ කතා..!!!
එකම පවුලකින් කරන මේ විනෝද සමය හරිම ෂෝක්... ඒත් අවාසනාව කියන්නේ මේ අයියලාගේ මල්ලිලාගේ විහිළු නිසා අපේ රට පහතට යනවා.
අහලා තියන ප්‍රශ්නය "කෝවිඩ් මරණ භූමදානය" ගැන නම්, ආයේ උත්තරයට ප්‍රශ්නේ කොටසකුත් නැවත කියන්න ඕනෑ නැහැ සිරෝ... බලාගෙන ගියාම සිරාලගේ ඔලු ගෙඩිත් සිරාවටම, "සිරාම" තමයි.
භූමදානය කළත් දෙවියන් මවපු ඉරේ රස්නයට අවුරුදු ගාණකින් පිච්චෙනවා.
13 ලැබුණා නම් ඕකත් ලැබෙයි. එ් නිසා කටවහගෙන ඉන්න.