(සිසිර අබේකෝන්)
නිෂාන් ශනි වර්ගයේ කාර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු හෙරොයින්,අයිස් මත් ද්‍රව්‍ය සමග තුවක්කුවක්,මුදල්,ජංගම දුරකථන ඇතුළු සැකකරුවන් දෙදෙනකු මැටියගනේ ප්‍රදේශයේ දී නාරම්මල පොලීසිය මගින් අත්අඩංගුවටගත් බව පොලීසිය කියයි.
කාලයක සිට විෂ මත් ද්‍රව්‍ය ජාවාරමේ නියුතු සැකකරුවන් පිලිබදව පොලීසියට ලද තොරතුරකට අනුව කාර් රථය පරීක්ෂා කිරීමේදී එහි තිබී හොරොයින් ග්‍රෑම් 10 ද,අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 10 ද,ලංකාවේ නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ තුවක්කුවක් ද,මුදලින් රුපියල් එක් ලක්ෂ පනස්හතර දාහක් ද,ජංගම දුරකථන පහක් ද අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් හොරොම්බාව හා මැටියගනේ ප්‍රදේශවල පදිංචි කරුවෝ වන අතර අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී ගල්කටස් තුවක්කුව ලබා දුන් තැනැත්තා ද, මත් ද්‍රව්‍ය ජවාරමට සම්බන්ධ තවත් සැකකරුවකු ද අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
කුඩු සමග සැක දෙකක් මැටියගනෙන් මාට්ටු
ජිල්බු Thursday, 02 October 2025 07:49 PM
දැන් "නිෂාන් ශනී" මේ මොඩල් එක කීයක් වෙනවද? සෙනසුරු හතේ ඉන්න අයට මේක ගත්තා කියලා අවුලක් තියෙනවා නම් දන්න කෙනෙක් කියන්න.