(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මහපරිමාණයෙන් මත්කුඩු ජාවාරම් නිරත කාන්තාවක් රුපියල් ලක්ෂ 70 ට අධික වටිනා මත්කුඩු තොගයක් සමග ග්‍රෑන්ඩ්පාස් මහවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාස කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තොටළග මහවත්තේ පදිංචි ප්‍රියංගිකා සුමංගලී (44) හෙවත් “කුඩු සුමංගලි” නමැන් හදුන්වන කාන්තාව බවත්, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකාරිය සතුව හෙරොයින් ග්‍රෑම් 203 ට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.

මෙම සැකකාරිය මත්කුඩු තොගයක් රැගෙන මාර්ගයට පිවිසෙන බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලද බුද්ධ තොරතුරකට අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් සැකකාරිය මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අවස්ථාවේ සැකකාරිය සතුව බත් පාර්සලයක් වශයෙන් සකසා තිබු මෙම මත්කුඩු පාර්සලය තිබු බව පොලිසිය කියයි. සැකකාරිය ඊයේ (12) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 7 ක රැදවුම් නියෝග ළබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කරමින් පසුවේ.

Reply Forward