(තිලකරත්න දිසානායක)
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන 33 හැවිරිදි පුද්ගලයකු නයිවල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි.
ගණේමුල්ලේ සංජීව නැමැත්තාගේ ගෝලයකු බව කියන සැකකරුගේ නිවසෙහි තිබී ජංගම දුරකතන 10ක්, හෙරොයින් ග්‍රෑම් 7ක්, ලැප්ටොප් පරිගණකයක්, බැංකු ගිණුම් පොතක් සහ මුදලින් රුපියල් 5,83,000 අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
කෙහෙල්බද්දර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පැවසෙන සැකකරු මීට පෙර අපරාධයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටියදී ගම්පහ මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාට ලැබීඇති තොරතුරක් මත මෙලෙස අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව ද පොලිසිය සඳහන් කරයි.
සැකකරු සන්තකයේ තිබී සොයා ගන්නා ලද ජංගම දුරකතන දහය මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු සඳහා යොදා ගත්තේ ද යන්න සම්බන්ධයෙන් ද පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කුඩු සැකකරු දුරකතන 10 සමග අල්ලයි