
(අංජුල මහික වීරරත්න)
කුඩු විකුණන සියලු දෙනා වහාම යටත් වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (30)ඉල්ලා සිටියේය.
කිසිවකුත් සැඟවී නැතැයි කී ජනාධිපතිවරයා සියලු ජාවාරම්කරුවන් සමාජයේ නිරාවරණය වෙමින් සිටින්නේ යැයිද රට පැනපු අය ඉන්නා තැන් සියල්ල ගන්නා බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
විෂ මත් ව්‍යසන පරදන "රටම එකට" ජාතික මෙහෙයුම වැඩසටහන කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී අද (30) අරඹමින් ජනාධිපතිවරයා මේ බව කීය.
මත්ද්‍රව්‍ය ක්‍රියාදාමයට සම්බන්ධ නම් එයින් වහාම ඉවත් වන ලෙස රාජ්‍ය ආයතනවල සියලු නිලධරයන්ගෙන් අප ඉල්ලා සිටිනවා.තවදුරටත් ඔබ කවුරුවත් සැඟවී නැහැ. අප ඒ ඔක්කොම දන්නවා. මේ සත්‍ය අපේ ඇස් ඉදිරිපිට පේනවා.
ඒ වගේම මත්ද්‍රව්‍ය පරිහරණයෙන් ඉවත් වන්නැයි ඊට ලොල්වූ අයගෙන් අප ඉල්ලා සිටිනවා. ඔබ බාරගන්න අප ලෑස්තියි. මතට ලොල් වූ අය පුනරුත්ථාපනය කිරීම අපේ වගකීමක්. මතට ලොල්වූ දරුවන් අපට බාර දෙන්නැයි මා පියන්ට කියනවා.ඔවුන් පුනරුත්ථාපනය සඳහා අප විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කරනවා.
ඒ වගේම විකුණන අය යටත් වෙන්න.අප ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ගොඩ නගනවා.රේගුව මෝටර් ,රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, පොලිස්, හමුදා, බුද්ධි අංශ ඔක්කොම එකතු කරගෙන ඒ මධ්‍යස්ථානය හදනවා. ඒ නිසා කිසිවකුට තවදුරටත් සැඟවී ඉන්න හැකියාවක් නැහැ.රට පෙනපු අය ඉන්න තැන් අප දන්නවා.අප නිරන්තරයෙන් වැටලීම් සූදානම් කරනවා. කිසිවකුට සැඟවී පලායන්න බෑ. මේ සමාජයේ ඉතා කුඩා කල්ලියකට ගොදුරු වෙන්න ඉඩ දෙනවනම් අපි කවුද? මේක උන්ට ගිහිපු රට නොවන බව හොඳට මතක තියාගන්න.
අපේ ගම් වලට විශාල ලෙස පන්සල පල්ලිය කෝවිල සමග සබඳතාවයක් තිබෙනවා.ඔබ වහන්සේලා ඒ පණිවිඩය සමාජ ගත කරන්න.
මාධ්‍ය ඇතැම් විට එකට එක ,තකට තක ,ඇට නැති දිව වගේ තත්ත්වයකට පත්වෙලා තියෙනවා.මේ සම්බන්ධ වාර්තාකරණයේදී ශිෂ්ට සම්පන්න වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.ඒ නිසා රට මතින් මුදවා ගැනීමට හික්මීමක් සහිත වාර්තාකරණයක් ලබා දෙන ලෙස ජන මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.
මේ ව්‍යසනයෙන් රට මුදා ගැනීමේ වැදගත්ම කාර්යභාරය තියෙන්නේ දේශපාලන අධිකාරියට.දේශපාලකයන් සමඟ ගැවසීම, මිතුරන් වීම තුළින් මේ සංවිධානාත්මක අපරාධකරුවන්ට ආරෝපිත බලයක් එනවා.ඒ නිසා පරීක්ෂණ අඩපණ කෙරෙනවා.අපේ දේශපාලන බලය කිසිම ආරෝපිත බලයක් නිර්මාණය නොකරන බව මෙහිදී ප්‍රතිඥා ලබා දෙනවා.
ඉතා කෙටි කලකින් අපරාධ කරුවන් නීතිය හමුවට ගෙන එන්න අපේ පොලිසිය සමත්.අපේ රටේ නොවිසදුනු හැම අපරාධයක් පිටුපසම දේශපාලන ආරක්ෂාවක් තිබෙනවා.
ලසන්ත ඝාතනය ,තාජුඩින් ඝාතනය, මාධ්‍යවේදීන්ට පහර දීම නොවිසඳුනේ පොලිසියේ අදක්ෂ බව නිසා නොවේ. දේශපාලන රැකවරණය නිසයි.
ඔවුන්ගේ පළමු බලය වන දේශපාලන බලය දැන් අවසන් කර තිබෙනවා.අදත් සමහර අපරාධ බන්ධනාගාර තුළ සිට මෙහෙයවනවා.
අද පොලිසිය අපරාධකරුවාගේ සතුරා බවට පත්වී සිටිනවා. පොලිසියට එරෙහිව නගන හඬින් ඒක තේරුම් ගන්න පුළුවන්.තවත් ඉදිරියේදී විවේචනයට ලක්වෙන පොලිස් නිලධාරීන් කීපදෙනෙක් ඉන්නවා. මේ වැඩේ හරියට කරනකොට ඒ විවේචන අහන්න වෙනවා.අප බලය දෙන්නම්. මේ ව්‍යසනය අවසන් කරමු.
ඒ වගේම උඩ සිට පහළ දක්වා අප ජනතා ව්‍යාපාරයක් හදනවා. ගමේ අපරාධ කාරයා හුදෙකලා කළ යුතුයි. අප ප්‍රබල මහජන ව්‍යාපාරයක් ගොඩනගනවා. මේ මතට එරෙහිව ප්‍රබලම හඬ නගන්නේ එම ව්‍යාපාරයයි.
මේ ව්‍යසනය දුරැලීම රජයට හෝ පොලිසියට පමණක් කරන්න බෑ.අවස්ථාව මෙයයි.මේ මහජන ව්‍යාපාරය විසින් විෂමත් නැමැති මායාකාරී කුණාටුව විනාශ කරනවා.මේ මායාකාරී කුණාටුවෙන් අප ජාතිය ගලවා ගන්නවා යනුවෙන්ද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රතිඥා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතරයක් පන්සල්වල කරන්නේ දේශපාලන වැඩ සහ සුඛ විහරණය සහ ලොකුම පන්සල කිරීම පිණිස ඉදිකිරීම් කටයුතුවල නිරත වීම පමණයි. ගම්වල කටයුතුවලට හාමුදුරුවරුන් සම්බන්ධ වීම නැතිව ගිහිල්ල.දැන් පන්සල වෙනත් අධිරාජ්‍යක්.
ඒ වගේම කුඩුකාරයින්ට, මැරයින්ට නොමිනේෂන් දීමත් මැතිවරණ ව්‍යාපාරවලට මැරයන් යොදාගැනීම නවත්වන්න. ඒ සම්බන්ධතා, හුවමාරුවන මුදල්, දේපල, ඥාතින්ගේ උදව් සහ දේශපාලක සම්බන්ධතා සියල්ල පාර්ලිමේන්තුවෙන් එලියේ සාක්ෂි සහිතව එළිදරව් කරන්න. නඩුදැම්මොත් සම්බන්ධකම් තවත් එළිවෙනවා. මූලාශ්‍ර හෙළිකිරීමට නොහැකි සියලු ධනය අධිකරණයෙන් තහනම් කරලා මහා භාණ්ඩාගාරයට යවන්න.
යන විදිහට, රටකාපු හැතිකරේගේ කක්කා හෝදන අපි ජෝඩුව වගේ ඉන්න බත් කන හරකුන්ටත් යටත් වෙන්න, භාර වෙන්න කියයිද දන්නෑ.
කුඩු කන්ටේනර් වරායෙන් පන්නපු අය යටත් වෙන්න ඕන නැද්ද? සංදර්ශන කිං!
ජනාධිපතිතුමා තමන් යටතේ සිටින, රජයේ සේවකයෝ ටික පාලනය කරගන්න බැරිව කොහොමද කුඩු පාතාලේ මට්ටු කරන්නේ? ගිහින් බලන්න පාස්පෝර්ට් කන්තෝරුවට පාගගන්න මිනිස්සු නිකරුනේ රස්තියාදු කරන ආකාරය , කුඩු කාරයෝ බය කරන්න නම් උසාවියෙන් මරණ දඩුවම දීලා තිබෙන කුඩු කාරයින්ට දඩුවම ක්‍රියාත්මක කරන්න ඔබගේ අත්සන අවශ්‍ය වෙනවා. ඒකවත් කරන්නේ නැතිව කියව කියවා හිටියාට කුඩු, පාතාලේ බිය වේවි කියලා ඔබතුමා හිතනවාද?
කිව්වාම කරුණාකරලා යටත් වෙන්නකෝ. කෝ ඉතින්..? යටත් වෙන්න. යටත් වෙනවා.
මෙයා මීට කළින් පාතාලයත් එක්කත් හැප්පුණා. පාතාලේ කුඩේ කුඩු වුණා. දැන් ඉතින් කුඩුත් ඉවරයි හොදේ. ආයේ කිව්වොත් දෙයක් ඉතින් කරනවනේ...
තවත් සුන්දර කතාවක් නොවී වැඩේ කරලා පෙන්වාවි කියා සිතමු.
මෙවැනි ජනතාවාදි නායකයෙක් දැකීමත් සතුටක්. ඔහු රටේ යහපත වෙනුවෙන් ගන්නා සෑම කටයුත්තක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...
ඔබට තමයි මේ දේ කළ හැක්කේ... අනිත් ගොබ්බයින්ට පුළුවන් කුඩු විකුණන්න.
අපිත් සූදානම්...!
කුඩු අල්ලන එක හොඳයි. කුඩු උවදුරෙන් රට ගලවා ගන්න කරන උත්සාහයත් හොඳයි. ඒත් පත්මේලා එක්ක එකතුවෙලා නටන ටෙලි නාට්‍ය තමයි ප්‍රශ්නේ. මොකද අපි දන්නවා ඒක එක් දේශපාලන ව්‍යාපෘතියක් බව. රට ඉදිරියට ගෙනයාම රනිල් අත් අඩංගුවට ගන්න, කුඩූු අල්ලන, හොරු අල්ලන ඩ්‍රාමා වලින් විතරක් කරන්න බෑ. ඉන්දියාවට අපේ ස්වෛරීත්වය පාවා දීලා, චීනය එක්ක බාල් නටන එක, ජාත්‍යන්තර සහයෝගය හෝ ආයෝජන ගෙන්න ගන්න හේතු වෙන්නෙත් නෑ. රටේ ආර්ථිකය පිළිබඳව සහ ජාත්‍යන්‍තර කටයුතු අතින් ඉතාමත් අසමත් මේ ආණ්ඩුව ජ.වි.පෙ. කාඩරයේ සහ කුණු රෙදි හෝදන මාලිමා ඩෝබී කල්ලියට හොඳ වුවත් රටට දිගු කාලීනව අයහපත් බව පමණක් කිව හැකියි. ඒ බව පසුව ඔප්පු වනු ඇත. ඒත් තවම නිවැරැදි වීමට කාලය තිබේ.
මතට තිත කියලා එකක් පටන් ගත්තු අය කරපු හරිය දැන් ඇස් පනාපිටම දකින්න තියෙනවා. කොහොමද ආසියාවේ ආස්චර්‍ය රටට පෙන්වපු අපූරුව. මාලිමා ආණ්ඩුව බලයට ආවේ අපේ වාසනාවකට... මත් වුවදුර අපේ රටින් දුරුකිරීමට ජනතාවාදී ආණ්ඩුවට සියලු ශක්තිය නිරතුරුවම ලැබේවා...
කංජිපානිත් අල්ලාගෙන ආවොත් සැබෑ උවමනාවක් තියන බව පිළිගන්නවා. නැත්නම් ඉතින් ඩ්‍රාමා තමයි..
රිලව් අල්ලපු හැටි අපි දැක්කානේ...
හොදයි.
කුලී ටයිපිස්ට්ලට හොඳට ගෙවනවා වගේ.
යටත් වෙන්න කියපු ගමන් හිරු මාධ්‍ය ජාලයම ඉවත් වෙලා සහයෝගය දැක්වූ බව රටම දැක්කා
මේ උත්සවේට හදාපු පෝස්ටරයක් දැක්කම මට කාලෙකට කලින් එක්තරා මිනීමරු කල්ලියක් තුණ්ඩුවෙන් රට පාලනය කරපු කාලේ පෝස්ටර් මතක් වුනා.
කොහෙන්ද හිනාවෙන්න ඕනේ...?