(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මත් කුඩු පැකට් 97ක් සමග පොලිස් කොස්තාපල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.
අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයාගේ මුදල් පසුම්බියේ තිබී කුඩු පැකට් 7 ක් සොයාගෙන ඇති අතර සෙසු පැකට් 90 ඔහුගේ නිවසේ තිබී සොයාගෙන ඇත.
මත්කුඩු කිලෝ 53ක් සමග අත්අඩංගුවට ගත් උප පොලිස් පරික්ෂකවරයා සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පොලිසිය මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර කොස්තාපල්වරයා කොහුවල පොලිසියේ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවිත ගණනාවක් විනාශ කරලා හම්බ කරන සල්ලි වලින් මේ අය කාලා බීලා දරුවන්ටත් කන්න දෙනවා. සෙතක් වෙයිද?
මේක ඒ තරම් දෙයක් නෙමෙයි.. මෙවැනි පුද්ගලයින් නිසා මුලු මහත් පොලිස් දෙපාර්තමේන්තුවටම නින්දාවක්.. උපරිම දඬුවම් මොවුන්ට ලබාදිය යුතුයි...
වටිනා පොලිස් නිල ඇඳුමට අසුචි තැවරූ මොවුන්ටද නමක් ගමක් නොමැත. අපගේ අනාගත පරපුර විනාශ කිරීමට ඍජුවම දායකවූ මෙවන් තිරිසනුන්ගේ නමගම ප්‍රසිද්ධ කිරීමට සියලුම නිලධාරීන්ට ශක්තිය ධෛර්යය ලැබේවා...!!!