IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කුඩු අංජුගේ මැනේජර් රිමාන්ඩ්

(කේ බුද්ධික කුමාරසිරි)

විදේශ ගතව සිට මෙරට කුඩු ජාවාරම මෙහෙයවන රත්මලානෙ කුඩු අංජු නමැත්තාගේ මුදල් පරිපාලනය සහ මත්කුඩු බෙදා හැරීමේ ජාලය මෙහෙය වූ බව කියන පුද්ගලයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශනය අංශය මගින් සැකපිට අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අප්‍රියෙල් මස 06 වන දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (31) දින නියෝග කළාය.

මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 46 හැවිරිදි විදේශයක ගණකාධිකාරිවරයකු ලෙස කටයුතු කල බව කියන පුද්ගලයෙකි.

සැකකරු කාලයක සිට මෙලෙස කුඩු අංජු නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය සම්බන්ධීකරණ සහ මුදල් පාලනය සිදු කර ඇති බවත් පසුගිය මාස කිහිපය තුළ රුපියල් ලක්ෂ හාරසියකට අධික මුදලක් මෙරට සිට විදේශ රටකට යවා ඇති බවද මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශනය ඒකකය මගින් අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලදී.

ඒ අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.

 



අදහස් (0)

කුඩු අංජුගේ මැනේජර් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site