
(ඉන්දිකා රාමනායක)
සංචරණ සීමා උල්ලංඝනය කරමින් රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්කුඩු තොගයක් වෑන් රථයෙන් ප්‍රවාහනය කරමින් සිටි කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්වි බව විශේෂ කාර්ය බලකාය කියයි.
මෙම හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයට ලද තොරතුරකට අනුව ඊයේ (2) පස්වරුවේ දෙමටගොඩ නගරයේ විශේෂ මාර්ග බාධකයක් යොදා සිදු කළ පරික්ෂාවේදී මෙම වෑන් රථය අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
වෑන්රො රථය සෝදිසියට ලක් කිරීමේ දී හෙරොයින් කුඩා බෑග් දෙකක් හමුවී ඇති අතර එහි හෙරොයින් ග්‍රෑම් 969 මිලි ග්‍රුමි 670 ක ප්‍රමාණයක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය බොරැල්ල ප්‍රදේශයේ පදිංචි (40) හැවිරිදි කාන්තාවක් බවත් ඇයගේ සැමියා මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාර බන්ධනාගාරගතව සිටින බවද බව ද විශේෂ කාර්ය බලකාය පවසයි.
සැමියා බන්ධනාගාර ගත වූ පසූ සැකකාරිය විසින් මෙම ජාවාරම සිදු කර ගෙන ගොස් ඇති බවද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි. වෑන් රථයේ සිට අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු රියදුරා බවත්, සැකකරු සැකකාරියගේ සැමියාගේ සහෝදරයකු බව ද විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, මත්ද්‍රව්‍ය,සහ ප්‍රවාහනයට යොදා ගත් වෑන් රථය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයවෙත භාර ඇත.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටියක මත්කුඩු සමඟ කාන්තාවක් ඇතුළු 3 ක් අත්අඩංගුවට