(යොහාන් භාසුර)
රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් අයිස්, හෙරොයින් සහ හෑෂ් යන මත්ද්‍රව්‍ය තොගයක් සහ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කොළඹ, මෝදර පොලිසිය අද පස්වරුවේ සමත්ව තිබේ.
මෙම මත්ද්‍රව්‍ය තොගයට අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 250 ක්, හෙරොයින් ග‍්‍රෑම් 500 ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ එකක් අඩංගුව තිබූ බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා අතර කාන්තාවක් ද සිටින බවත් පොලිසිය කියයි.
මෝදර පොලිසියේ නිලධාරීන් ත‍්‍රිරෝද රථයක් පරීක්‍ෂා කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd