
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
රේගු බදු නොගෙවා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා හොර රහසේ රැගෙන ආ බව කියන රුපියල් කෝටියකට අධික වටිනා ජංගම දුරකථන, සුවඳ විලවුන් ඇතුළු උපකරණ තොගයක් සමඟ පුද්ගලයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මාලිගාවත්ත පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර දෙමස්සිනාලා දෙදෙනෙකුද සිටින බව පොලිසිය කියයි.
එම සැකකරුවන් සමඟ ස්මාට් වර්ගයේ ජංගම දුරකථන 26 ක් ,අයි පෑඩ් 10 ක් ටැබ් 10 ක් වටිනා ලැප්ටොප් පරිගණක 3 ක් , විවිධ වර්ගයේ සුවඳ විලවුන් තොගයක් සහ ශරීර ආලේපන තොගයක්ද පොලිස් භාරයටට ගෙන ඇත.
මාලිගාවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටි බි එස් කල්‍යාණ තුංග මහතාට ලද තොරතුරකට අනුව මාලිගාවත්ත රම්‍යා ප්‍රදේශයේ නිවසක් පටලා සැකකරුවන් සමග මෙම දේපළ සොයාගත් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd