කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ අධි ආරක්ෂිත කලාපය තුළ ඩ්‍රෝන කැමරාවක් ක්‍රියාත්මක කරමින් වීඩියෝ දර්ශන සිදු කළ මාලදිවයින් ජාතිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කිසිදු අනුමැතියකින් තොරව දමින්නගහවත්ත ප්‍රදේශයේ සිට කටුනායක ගුවන් තොටුපළ හරහා ඊයේ (2) රාත්‍රීයේ දී මොවුන් සිව් දෙනා ඩ්‍රෝන කැමරාව යවා ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් ද සිටින බව කටාන පොලිසිය පවසයි. සැකකරුවන් වයස අවුරුදු 19 ත් 23 ත් අතර පසුවන්නෝ වෙති. මොවුන් සිව් දෙනා අද (3) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට මොනවද මේ වෙන්නේ?