(ඩයනා උදයංගනී, දිලංකා ගෝමස්)

විචිත්‍ර ධර්ම කථික, සුපේෂල, ශික්ෂාකාමී මහ තෙරනමක් වූ, අග්ගමහා පණ්ඩිත, කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නා හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී ලබන 25වැනිදා පස්වරු 4.00 පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ආදාහන කමිටු සාමාජික කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න මහතා පැවසීය.

මහ නා හිමියන්ගේ දේහය මේ වන විට අවසන් ගෞරව සඳහා ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇත.දේහය රැගත් රිය පෙරහැර ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයෙන් එදින පස්වරු 1.00ට පිටත්වීමට නියමිතය.