
(ඉන්දිකා රාමනායක)
රුපියල් කෝටි 1 1/2 ආසන්න මුදලක් මෝටර් රථයකින් රැගෙන යමින් සිීටි පුද්ගලයන් දෙදෙනකු අතුරුගිරිය ඔරුවල පාරේදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකට යුතු මෝටර් රථයක් නවතා පරික්ෂා කිරීමේ දී එහි තුළ තිබි මෙම මුදල් සොයා ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය සහ කොලොන්නාව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් දෙදෙනෙකි.
මෙම මුදල් කිසියම් ජාවාරමකින් උපයා උපයාගත් මුදල් හෝ, කිසියම් අපරාධයක් සඳහා රැගෙන යමින් තිබූ මුදල් ද බව සැක කෙරේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතුරුගිරිය පොලිසියට පොලීසියට බාර දී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාවිච්චි කරපු ඇල්ටෝ කාර් එකක් මිලදී ගන්න සල්ලි අරන් යන ගමන්ද දන්නේ නැහැ..?
බැසිල් හාමුලාට විතරයි කෝටි ගණන් අතපත ගාන්න පුලුවන්.. ඒක තමයි රටේ නීතිය...
එ්ක යකාගේ වැඩක්නේ. එහෙම සල්ලි ගෙනියන්න එපා කියලා නීතියක් තිබෙනවද? මුදල් උපයා ගත්ත හැටි පොලිසියට කියන්න අපි බැඳී ඉන්නවද? ආදායම බදු දෙපාර්තමේන්තුව ප්රශ්න කළොත් මුදල් උපයා ගත්ත හැටි කියන්න වේවි.. ඒ බදු ගෙවීම සඳහා. එහෙනම් සල්ලි ගෙදර තිබුණත් පොලිසියෙන් අහන්න පුළුවන් සල්ලි කොහෙන්ද කියලා...
හෙට අනිද්දාට... කලිසම්, සරම් ගලවන් යාවිද දන්නේ නැහැ.. බොරුද බලන්නකෝ..!!!