
(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)
තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද (2) කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී රුපියල් කෝටි 7කට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 කට අධික තොගයක් භාරයට ගත් බව නාවික හමුදාව පැවසීය.
උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය අද තලෛයිමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මුහුදේ පාවෙමින් තිබූ උරයක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂා කළ බවත් එම උරය තුල පර්සල් හතරක අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 500 ක (තෙත බර සහිත) පමණ තොගයක් භාරයට ගත් බවක් නාවික හමුදා කීය.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන 67.5 කට අධික වෙතැයි විශ්වාස කරන බවකි නාවික හමුදාව භාරයට ගත් මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් භාරයේ තබා ගන්න බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd