රුපියල් කෝටි 7කට අධික මුදලක් වැය කර උත්සවශ්‍රීයෙන් ඇරඹුණු රත්මලාන- මාලදිවයින ගුවන් සේවාව ඇරඹුණු දිනට පසුදිනම මාලදිවයින විසින් අවලංගු කර ඇති බව වාර්තාවේ.

මෙරට පවතින තත්ත්වයට අනුව මෙවැනි ගුවන් සේවාවක් පවත්වාගෙනයාම අනවශ්‍ය බව මාලදිවයින දන්වා තිබීම නිසා ගුවන් ගමන් නතර කර තිබේ. ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම මගින් මෙහි සමාරම්භක උත්සාවය සංවිධානය කර තිබූ අතර ඒ සඳහා විශාල ආරාධිතයෝ පිරිසක් සහභාගී වී සිටියහ.

(දයාසීලී ලියනගේ)