
(රොමේෂ් මධුෂංඛ)
යාපනය පේදුරුතුඩුව මුහුදු තීරයේදී නාවික හමුදා යාත්‍රාවකට මුහුදේ පාවෙමින් තිබූ රුපියල් කෝටි 4 කට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 275 ක් තිබී හමු වූ බවට නාවික හමුදාව පවසයි.
පේදුරුතුඩුව මුහුදු තීරයේ මුහුදු සැතපුම් 22ක් පමණ නුදුරින් උර 6ක් මුහුදේ පාවෙමින් තිබියදී සෝදිසි මෙහෙයුම්වල නිරත වූ උතුරු නාවික විධානයේ නීරීක්ෂණ යාත්‍රාවකට හමු වී ඇති අතර එම උර පරික්ෂා කිරීමේදී එහි තිබී කේරල ගංජා තොගය හමු වී ඇත.
ඉන්දියාවේ සිට ජාවාරම්කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් කේරළ ගංජා තොගය රැගෙන එන අවස්ථාවේදී නාවික හමුදා යාත්‍රා දැක මුහුදට දමා පලා යන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කර සිටියි.
මුහුදේ පාවෙමින් තිබූ අදාළ කේරළ ගංජා තොගය වැඩි දුර පරික්ෂණ කටයුතු සඳහා පේදුරුතුඩුව පොලීසියට භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd