
(යොහාන් භාසුර)
නීති විරෝධීව චීනයෙන් ආනයනය කළ රුපියල් කෝටි 14 කට අධික වටිනාකමින් යුත් සිගරැට් ලක්ෂ 10 ක පමණ ප්‍රමාණයක් රේගු අධ්‍යක්ෂ ජනරාල් විජිත රවිප්‍රිය මහතාගේ අධීක්ෂණයෙන් කොළඹ 15 පිහිටි ලංකා දුම්කොළ සමාගම් පරිශ්‍රයේදී අද (1) පෙරවරුවේ විනාශ කළේය.
ශ්‍රී ලංකා රේගු ආදායම් පාලන අංශයේ නිලධාරීන් මෙම සිගරැට් තොගය පසුගිය වසරේ අත්අඩංගුවට ගත් බව කී රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වන බවද සඳහන් කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට නම් විකාර...!
විනාශ කරන්නේ ලංකාවේ සිගරට් තහනම් නිසාද? නොමිලේ ලැබුණු දෙයින් රජයට ආදායමක් ලබා ගැනීමට බැරිද?
දුම්කොළ කාරයින්ගේ ඒකාධිකාරය පවත්වා ගනු පිණිස.. වෙන මොන අමාරුවකටද?