(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මුදල් අවභාවිතා කරමින් පරිගණක යන්ත්‍ර 800ක් මිලදී ගැනීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ( කෝප් කමිටුව) දැඩි අප්‍රසාදය පළවී ඇත.
පරිගණක අටසියයක් මිලදී ගත්තද මණ්ඩලයට අවශ්‍යව තිබූ සත්‍ය පරිගණක සංඛ්‍යාව 139 ක් බව කෝප් කමිටු විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා පරිගණක මිලදී ගැනීමේදී ඇස්තමේන්තුගත මුදලට වඩා රුපියල් කෝටි එකොළහකට වැඩි මුදලක් වැය කිරීම සම්බන්ධයෙන්ද එම කමිටුවේ අවධානය යොමුවී ඇත.
මේ පරිගණක මිලදී ගෙන ඇතැයි පැවසෙන්නේ 2018 වර්ෂයේදීය.මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නිර්දේශ කර ඇත.
මේ තොරතුරු සඳහන් වන්නේ කමිටුවේ සභාපතිවරයා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ලංගමයේ වැඩ කළ නිසා දන්නවා. ගොඩක් ඩිපෝවල මුලු ඩිපෝවටම තියෙන්නේ එක පරිඝණකයයි. ඒක කාලසටහන දිනපතා යාවත්කාලීන කරන්න විතරයි. සමහර ඒවායේ එහෙම ඇත්තේම නැහැ. බස් 6000ක් තියෙන සේවකයන් 36000ක් ඉන්න ආයතනය කලමනාකරණය කරන්න පරිඝනක හෝ ඒ සඳහා මෘදුකාංග හෝ නැහැ. සේරම අතින් පොත්වල ලියලිය කරන්නේ. කාල සටහන් හදන්නේ, ඒවාගේ විස්තර තබා ගන්නේ, සේවක විස්තර තියාගෙන ඉන්නේ පොත්වල. අද කාලෙට ගැලපෙන්න මිනිස්සුන්ට සේවයක් කරන්න අවශ්‍ය සම්පත් සලසලා දෙන්න. මේක ලාභ ලැබෙන තත්ත්වෙට ගන්න නවීන තාක්ෂණය ගන්නේ නැත්තේ ඇයි? ඔය කෝටි ගාන දවසකට පාඩු වෙනවා නිසි කලමණාකරණයක් නැති නිසා. මේ සේවය ගොඩගන්න ඕනෑ. නැත්තන් කරුණාකරලා වහලාම දාන්න. එතකොට රටේ සල්ලිත් ඉතුරුයිනේ...
මම පරිගණක ක්ෂේත්‍රයේ වසර ගණනාවකම සිට වැඩකරන පුද්ගලික අංශයේ සේවකයෙක්... අපි පුද්ගලික අංශයේ ආයතනික ඵලදායීතාව ඉහළට ගේන්න කොච්චර දේවල් කරනවද..? මේ රටේ රාජ්‍ය ආයතනයකට ගියාම, එතන වැඩටික මීට වඩා කාර්යක්ෂමව වෙන්ඩ මොනවගේ දේවල් වෙන්ඩ ඕනෙද කියලා මගේ හිතට අදහස් ගොන්නක් එනවා.. අපේ පුරුද්ද නිසා එහෙම වෙන්න ඇති. ඒත්.. මොන කරුමයක්ද මේවායේ ඉහළ තැන ඉඳලා පහළ ඉන්න එකාට වෙනකම්, එකෙකුට එහෙම හිතෙන්නේ නැත්තේ.... හැබැයි ඉතින්, කොයිතරම් වැඩ්ඩෙක් ගෙනත් දැම්මත්, අලුතෙන් ආව කෙනාව සුටුස් ගාලා ඔවුන්ගේ ක්‍රමේට හදාගන්න එක නම් ඔය රාජ්‍ය ආයතනවල ඉන්න අය සුපිරියටම කරනවා. ඔය වගේ තැන්වල තරුණයින් නැද්ද..? ඉන්නවා. ඔවුන්ට නව අදහස් එන්නේම නැද්ද? ඒ වුණාට ඔය යස අගේට පරණ ගොබ්බයින් එක්ක හරි හරියට හොරා කාගෙන ඉන්නේ... කාගේ කරුමයක්ද මන්දා අපි ගෙවන්නේ...!
පරිගණක ගත කරපුවාම හොරකම් කරන්නේ කොහොමද? ඒවා කරන්න පුළුවන් අය ඉන්න ඕනෑ. උන්නු එකත් ඩිපෝවකට දමලා ඒ අයගේ හොර වැඩ වහගන්න...
ගෙදර ඉඳන් වැඩ කරන්නම් කියලා මේ ගෙන්වපු පරිගණක කාගේවත් ගෙවල්වලට ගිහිල්ලාද කියලා සොයා බලන්න.