(රෝෂන් තුෂාර)
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල "ජෙනිසීස් බිස්නස් ස්කූල්" නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයා සහ ඔහුගේ බිරිඳ ලබන 22 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය.
ටිමෝරයේ සිට මෙරටට පැමිණීමේදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට පත් ධම්මික රණසිංහ සහ ඔහු බැලීමට කටුනායක ගුවන් තුළට පැමිණි එම සමාගමේ අධ්‍යක්ෂවරියක යැයි කියන සමුද්‍රා සුරංගි නැමති සැකකරුවන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයෙන් සෙනෙවිරත්න මහතා කියා සිටියේ එරා මිරකල් නමැති සමාගමක් පවත්වාගෙන ගිය සැකකාර අධ්‍යක්ෂකවරුන් ජෙනිසීස් පිරමීඩාකාර මූල්‍ය ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවත්, එමගින් එක් රැස්කළ මුදල් ගිණුම් 36000ක් හරහා වංචා කර ඇති බවට විමර්ශන මගින් තොරතුරු අනාවරණය වන බවත්ය.
සැකකරුවන්ට එරෙහිව අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් පනවා තිබූ හෙයින් තිමෝරයේ සිට මෙරටට පැමිණීමේදී අත්අඩංගුවට පත් වූ බවත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
කෝටි 1000ක් වංචා කළ කුරුණෑගල මූල්‍ය සමාගම් හිමිකරු - බිරිඳ රිමාන්ඩ්