
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා කජු සංස්ථාවේ නිල වෙබ් අඩවිය වන www.cashew.lkට පිවිස ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයටකට සිටින පුද්ගලයකුට අන්තර්ජාලය ඔස්සේ කජු ඇනවුම් කර ලබාගත හැකි බව වැවිලි බෝග රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
කජු සංස්ථාවේ නිල වෙබ් අඩවිය හරහා ජනතාවට කජු පැළ මිලදී ගැනීම, කජු සංස්ථාවේ නිවාඩු නිකේතන වෙන්කරගැනීම සහ කජු පිළිබඳ උපදෙස් ලබාගන්න වැනි සේවා ලබාගත හැකි බවත් ඉදිරියේදී දේශීය කජු විදේශ වෙළෙඳපොලට සැපයීමට ද සූදානම් බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
සෑම දිස්ත්‍රික්කයකටම කජු සංස්ථාවේ අළෙවි මධ්‍යස්ථානයක් හෝ ඉදිරියේදී විවෘත කරන බවත් කුරුණෑගල, ගාල්ල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ඉදිරියේදී කජු සංස්ථාවේ අළෙවි මධ්‍යස්ථාන ස්ථාපිත කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කජු සංස්ථාවේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අද (7) අමාත්‍යවරයා එසේ පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කජුත් එක්ක පුහුලනුත් ඇනවුම් කරන්ඩ පුලුවන්ද ?
සංස්ථාවේ කජු පට්ට ගණන්
මම කජු කිලෝ 10ක් ඇණවුම් කළා...
කජු වගාව පිළිබඳ තොරතුරු අවශ්‍යයි.