
(විමුක්ති එස් රුද්‍රිගු)
එවකට හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද ඉන්දීය කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කළේය.
තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ලබා ගත් තොරතුරු මත 1974 වසරේදී ඉන්දිරා ගාන්ධි මහත්මිය අග්‍රාමාත්‍යවරිය ලෙස කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දීමට කටයුතු කර තිබෙන බවට අනාවරණය වීම හේතුවෙන් මෝදි මහතා මෙලෙස කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණ එල්ල කර ඇත.
කච්චතිව් ප්‍රශ්නයට වගකිව යුත්තේ කවුරුන්දැයි පිළිබඳ සැමගේ දෑස් මේ වනවිට විවර වී ඇති බවත් ඉන්දියාවේ පැරණි පක්ෂයක් වූ කොංග්‍රස් පක්ෂය රටේ එකමුතුකම සහ අඛණ්ඩතාව දුර්වල කර ඇති බවත් මෝදි මහතා පැවැසුවේය. ඉන්දිරා ගාන්ධි මහත්මිය ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ඉන්දියානුවන් කෝපයෙන් පසුවන බවත් කොංග්‍රස් පක්ෂය විශ්වාස කළ නොහැකි බවට මතයක් ඔවුන්ගේ සිත්වල ගොඩ නැගී ඇති බවත් මෝදි මහතා ප්‍රකාශ කළේය.
රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාව අතර පිහිටි කච්චතිව් දූපත සාම්ප්‍රදායිකව දෙරටේම ධීවරයින් විසින් භාවිත කරන ලදී.නමුත් 1974 වසරේදී එවකට හිටපු අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි මහත්මිය විසින් කච්චතිව් දුපතේ අයිතිය ශ්‍රී ලංකාවට පවරා දෙනු ලැබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අච්චර ලොකු රටක් තිබිලා, මේ හිම්බිත්තක් නැති දූපතකට අඬනවනේ මේ අය... පුළුවන් නම් ලංකාව තව කිලෝමීටර් 100ක් විතර ඉන්දියාවෙන් ඈතට ගෙනියන්න... මේ ප්‍රශ්ණ සෑහෙන තොගයක් අඩු කර ගන්න පුළුවන්. ඔයාලාගේ ඡන්ද වෙනුවෙන් අපේ මේ රට අල්ලා ගන්න එපා. ඔය වටේ තියෙන්නේ ලොකු රටවල්... අන්න ඒවා ගැන කතා කරන්න.
බය වෙන්න එපා මෙයා.. කච්චතිව් වලට හිලව් වෙන්ඩ මුලු ලංකාවම ඔයාට ඕනේ විදියට නටවන්න අයිති කරලාම දෙන්න උපන් හපන් සෙට් එකක් ලංකාවේ ඉන්නේ.. මෙවුන්දලා පාලම් ගහලා, ලන්කාවේ ගොං පැටවුන්ට ටිකිරි කථා කියලා, ලංකාවේ කොන්දක් කියලා එකක් නමට හරි තියෙන කෙනෙක් ඉන්නවා නම් ඒකත් කඩලා, මකබෑවලාම ඔහේලාට පාවලා දෙන්න මෙහෙ වරිග සභාව ලෑස්තියි...
ඡන්දය ළඟයි එහෙත්
එවකට රට පාලනය කළ ගරු සිරිමාවෝ මැතිණි කච්චතිව් ප්‍රශ්නය විතරක් නෙවෙයි රට තුළ ඉන්න අපේ රටේ පුරවරසිභාවය නැති ඉන්දියානුවනුත් එරටට යවන්නයි සියල්ල සකස් කරලා තිබුණේ.නමුත් ජේ.ආර් .බලයට පත් වුණේ ඒ සිංහලවත් බැරි ඉන්දියානුවන් ලක්ෂ ගණනකට රටේ පුරවරසිභාවය දෙමින්. අලියට කතිරෙ ගැසීම පමණයි ඔවුන්ට කරන්න තිබුණෙ. දැන් ඉන්නෙත් ඒ ජේ.ආර්. ගෙ පුතෙක්.
ප්‍රෟඩ ඉතිහාසයක් තිබුණු රට අද විනාශ වෙලා.. කොන්ද පණ තියෙන නායකයෝ නැති නිසා...
වල්ල පාග ගන්න අවශ්‍ය නෑ. මෙයාට කච්චතිව් අවශ්‍ය නෑ. මෙයා කරන්නෙ ඉන්දීය ජනතාව තුළ කොන්ග්‍රස් එක ගැන වෛරයක් ඇතිකරලා ඡන්ද ටික ගන්න.
මෝඩි ජී, කලාපයේ භූ දේශපාලන ගතිකත්වය තේරුම් ගත යුතුය. මාලදිවයින සහ නේපාලය අධිපතිවාදය නිසා ඉන්දියාවෙන් ඈත් වී ඇත. මැතිවරණ වාචාල කතා වෙනුවට ඔහු සහ ඔහුගේ රජය රාජ්‍ය තාන්ත්‍රික මාර්ගය අනුගමනය කර වෙනත් රටවල් කෙරෙහි විශ්වාසය ඇති කළ යුතුය. අපි කුඩා විය හැකි නමුත් ශ්‍රේෂ්ඨත්වය තුළ ජීවත් වීමට අපට අයිතියක් ඇත.
දැන් ඉන්න දේශපාලනය කරන උදවිය රට ගැන හිතලා වැඩ කරන අයට වඩා තමන්ගෙ වාසියට කටයුතු කරන අය
අපේ සමහරු ඉන්දියාව අපේ ලොකු අයියා කිව්වට ඉන්දියාව නම් හිතන් ඉන්නේ අපි ඒ අයගේ වහල්ලු කියලා...
ගහල හරි අල්ල ගන්න මෝඩි මහත්තයෝ...මොකද, ඔය දිවයින් අපේ නමට තිබුනා කියලා මේ රටේ ජනතාවට කිසිම පලක් හෝ ප්‍රති ලාබයක් නැහැ....නුදුරු අනාගතයේදී ඔය දුපත තුල මේ රටේ තක්කඩි දේශපාලකයෙකුගේ හෝටලයක් ඉදිවේවි... වැඩිය ඕනා නැහැ, අපේ පාලකයෝ මෙච්චරකල් මොනවද ඔය දුපතේ සංවර්ධනයට කරලා තියෙන්නේ..?