
(ජේ.ඒ.එල්.ජයසිංහ සහ චන්දන උඩුවාල)
කුකුළන් 1500ක් පමණ ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් මහියංගනය - මහනුරව ප්‍රධාන මාර්ගයේ මොරගහමුල පාලම කඩාගෙන වික්ටෝරිය ජලාශයට පෙරළීමෙන් එහි රියැදුරා සහ ප්‍රවාහනය කරමින් තිබූ කුකුළන් 1500ම මරණයට පත්ව ඇතැයි තෙල්දෙණිය පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ කටුකිතුල මිල්ලගහමුල්ලේ පදිංචි අශේන් ධනුෂ්ක නමැති එක්දරු පියෙකි.
වික්ටෝරියා ජලාශයට සමීපව තිබෙන ගල්මල්ඔය හරහා ඉදිකර ඇති පාලමෙන් පහළට මෙම ලොරිය පෙරළි ඇත.
මෙම කුකුළන් 1500 ගම්පොළට ප්‍රවාහනය කරමින් සිට ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම තමයි පව් වැඩ කරනකොට..!!!
පව්කාරයාට 'දිට්ඨධම්ම වේදනීය කර්මය' පලදුන්නා...
කුකුල්ලු ටික මැරුණ එක ගැනනම් දුකයි.
මහත්වරුනි, එක් පැත්තක් දිහා පමණක් බලා අදහස් නොදක්වන්න. ඒ මනුස්සයා එක් දරු පියෙක්... රස්සාවට කරන්නේ කුකුල්ලු මරණ තැනට ගෙනියන එක... මේ දවස්වල කට්ටිය අඩුනිසා එකදිගට වැඩකරලා නින්ද යන්න ඇති... එහෙම අමාරුවෙන් වැඩකරලා මරන්න ගෙනත් දෙන කුකුලන්ගේ මස් කන ඔහෙලා මේකේ උඩ පැනපැන කමෙන්ට්ස් දානවා. අද ඒ ගෑනිට මිනිහා නෑ, ළමයාට තාත්තා නෑ. ඔය කොම්පැණිය අයිති මුස්ලිම් මිනිහෙකුට. නමුත් වන්දි ගෙව්වේ අපේ සිංහල මිනිහෙක්. මැරිච්ච මිනිහෙකුටත් අපහාස කරපු ඔහේලා ඒ ගැන ලැජ්ජා වෙන්න ඕනෑ. ටිකක් හිතන්න මම කිව්වේ මොකක්ද කියලා...
මගුල් ගෙවල්වලට ගියාම මස් නොකන අයත් කන්නේ අනිත් අය ගැනත් නොසිතාම.. දවස පුරා ආගම් අදහන හැටියට මේ තරම් කාර්යාලවල සහ දේශපාලන ක්ෂෙත්‍රයේ ජනතාව පෙලන මිනිසුන් ඉන්න විදියක් නෑ. ඒත් අර වගේ දුප්පතෙක් මැරුණාම ඔහොම කමෙන්ට් දාන්නේ කොහොම සත්තුද? දුප්පතුන්ට අද මස් තියා කැඳත් නෑ.