(සුමිත් පොතුපිටිය)
ගල්පාත කක්කඩුව ඇලේ දියනෑමට ගිය දරුවන් දෙදෙනෙකු අද (02) පස්වරුවේ දියේ ගිලී මිය ගොස් ඇතැයි කළුතර උතුර පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ, ගල්පාත ජය මාවතේ පදිංචිව සිටි රණවක ආරච්චිලාගේ රවීන්ද්‍ර යසස් සහ රණවක ආරච්චිගේ චමිල් විශ්මිත නමැති 14 හැවිරිදි දරුවන් දෙදෙනෙකු බව පොලිසිය සදහන් කරයි.
මියගොස් ඇති දෙදෙනා තවත් තරුණයින් දෙදෙනෙකු සමග දියනෑමට ගොස් සිටියදී 14 හැවිරිදි වෙනත් පාසල් සිසුවකු ජලපහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, ඔහු බේරා ගැනීමට මියගොස් ඇති දෙදෙනා උත්සාහ දැරීමේදී ජලපහරට හසුවී වි දියේගිලී මියගොස් ඇති බව පොලිසිය සදහන් කරයි.
මෘත දේහයන් ගල්පාත ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබේ.
කළුතර උතුර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර ෆොන්සේකා මහතාගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක රාජිත ගුරුසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
කක්කඩුව ඇලේ නාන්න ගිය සිසුහු දෙදෙනෙක් දියේ ගිලී මරුට