
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නාවික හමුදාව, පුත්තලම කලපු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ ඖෂධ පෙති හත්ලක්ෂ පනස් දහසක් (750,000) රැගත් ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.
වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මඟින් පුත්තලම කලපු ප්‍රදේශය ආවරණය වන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බවත් එහිදී නාවික හමුදා මෙහෙයුම හමුවේ අතහැර දමා ගොස් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් සහ එහි තිබූ ඖෂධ පෙති තොගයක් සොයා ගැනීමට හැකිවූ බවත් නාවික හමුදාව කීය.
මෙම ඩිංගි යාත්‍රාව සහ ඖෂධ පෙති තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නියමිත බව ද නාවික හමුදාව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd