
(නිමල කොඩිතුවක්කු)
ආනයනික ආලේපන සහ පාවහන් සම්බන්ධයෙන් දිවයින පුරා වැටලීම් 108ක් සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
මෙම වැටලීම්වලදී ආනයනය කරන ලද සම පැහැපත් කිරීමේ ආලේපන, මුහුණු හා ශරීර ආලේපන, සුවඳ විලවුන්, කේශාලේපන, ක්‍රීඩා පාවහන් සහ අනෙකුත් ආනයනික පාවහන් ඇතුළු විවිධ භාණ්ඩ පරීක්ෂාවට ලක් කළ බවද එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේය.
මෙම අතරින් භාණ්ඩ ලබාගත් ආකාරය තහවුරු කරන නිසි ලදුපත්, බිල්පත් හෝ ඉන්වොයිසි ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ ව්‍යාපාරික ස්ථාන 84ක් හදුනා ගත් බවද සභාපතිවරයා පැවසීය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අගෝස්තු 18 සහ 19 දිනවල ආනයනික ආලේපන සහ පාවහන් කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් දිවයින පුරා විශේෂ වැටලීම් හා විමර්ශන වැඩසටහනක් ක්‍රියාත්මක කළ බවද ඔහු සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd