(රෝෂන් තුෂාර)

අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවලට වරදකරුව වසර දෙකක සිර දඬුවමකට  හා රුපියල් ලක්ෂයක දඩ නියම වු රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති හෙවත් ශෂී වීරවංශ පෙර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා නියෝග කළේය.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් දඬුවම් නියෝගය  කොළඹ මහාධිකරණය මගින් ස්ථිර කිරීමේ තීන්දුව කියවාදීමට නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

විත්තිකාරිය අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණයෙන් ස්ථිර කළ අදාල දඬුවම් නියෝගය විත්තිකාරියට කියවා දුන් මහේස්ත්‍රාත්වරයා මහාධිකරණ තීන්දුවට එරෙහිව විත්තිකාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඇපෑලක් ඉදිරිපත් කර ඇති බැවින්  ඇප මත මුදා හරින බවට නියෝග කළේය.

අදාල නඩුව සැප්තැම්බර් 28 වන දින යළි කැඳවීමටද නියෝග කෙරිණි.